• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතරගම උණුසුම් වෙයි! සිසුවකුට පහර දුන් බව කියන සිද්ධියකට විනය බාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක්! කතරගම පාසල් 5ක ගුරවරු ඉගැන්වීම නවත්වයි! මහා සෙනගක් පාගමනින් පොලිසියට එයි!

November 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කතරගම උණුසුම් වෙයි! සිසුවකුට පහර දුන් බව කියන සිද්ධියකට විනය බාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක්! කතරගම පාසල් 5ක ගුරවරු ඉගැන්වීම නවත්වයි! මහා සෙනගක් පාගමනින් පොලිසියට එයි!
Share on WhatsAppShare on Facebook

සෙල්ලකතරගම මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පවසමින් එයට විරෝධය පළකිරීම සඳහා කතරගම ප්‍රදේශයේ පාසල් 05ක ගුරුවරු සිය ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ගුරුවරුන් චෝදනා කරන්නේ තම දරුවාට පහරදුන් බවට මවක් විසින් කළ අසත්‍ය චෝදනාවක් පදනම් කරගනිමින් මෙලෙස අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවටය.

එසේම අදාළ චෝදනාවට අදාළ පාසල් සිසුවා මීට පෙර අවස්ථා කිහිපයකදී විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් පාසලේ විනය කමිටුව හමුවේ පරීක්ෂණ සිදුකර ඇති බවද ගුරුවරු පවසයි.

ගුරුවරුන් වැඩිදුරටත් පවසන්නේ අදාළ දරුවා දුම්වැටියක් පානය කිරීම මුල්කරගනිමින් ඇතිවූ සිදුවීමක් හේතුවෙන් විනය භාර ආචාර්යවරයා විසින් දරුවාට අවවාද කළ බවය.

මේ අතර ලංකා ගුරු සංගමයේ තණමල්විල කලාපයේ ලේකම්වරයා පැවසුවේ මෙම සිදුවීම මුල්කරගෙන අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමක් සිදුකළහොත් සියලු පාසල් ගුරුවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගන්නා බවය.

කෙසේ වෙතත් අදාළ පහරකෑමට ලක්වූ බවට පැවසෙන එම පාසලේ 7 වසරේ ඉගෙනුම ලබන සිසුවා ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජවේ ආර්යා ළමා රෝහළට ඇතුළත් කර ඇත.

එසේම අදාළ ගුරුවරයාට සහාය පළකරමින් එම පාසලේ ඉගෙනුම ලබන සෙසු සියලුම දරුවන්ගේ මව්පියන් විශාල පිරිසක් පා ගමනින් කතරගම පොලිස් ස්ථානය වෙත ගොස් තිබේ.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති බවත් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත්ය.

ඒ අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

SendShareShare
Previous Post

අතවර චෝදනාවකට හිරේ ගිය ධනුෂ්කගේ ඡායාරූප පළමු වතාවට එළියට එයි! (PHOTOS)

Next Post

අනුර කියනවා බුදු හාමුදුරුවො දේශනා කළේ සමානාත්මතාවය කියලා! රනිල් නැගිටිලා කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කළේ චතුරාර්ය සත්‍ය-දුක ගැන කියලා! එහෙම කියලා අන්න රනිල් යනවා! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

ඉර යුරෝපයට ගොඩක් ළංවෙයි! ස්පාඤ්ඤයේ මරණ 1000 පන්නයි! I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මරික්කාර්ගෙන් මාධ්‍යට හොඳ දෙසුමක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City  පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

ඉර යුරෝපයට ගොඩක් ළංවෙයි! ස්පාඤ්ඤයේ මරණ 1000 පන්නයි! I Sri Lanka Latest News

යුරෝපය පුරා දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මාසයේදී පමණක් ස්පාඤ්ඤයෙන් උෂ්ණත්වය ආශ්‍රිත මරණ 1,000කට අධික සංඛ්‍යාවක්...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මරික්කාර්ගෙන් මාධ්‍යට හොඳ දෙසුමක්! VIDEO I Sri Lanka Latest News

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.