• About us
  • Contact us
Wednesday, July 1, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

July 1, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City  පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බේරේ වැව අවට ප්‍රදේශය ජාත්‍යන්තර සංචාරක සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත “Temple City” ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News

දේශීය හා විදේශීය ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කොළඹ නගරයේ ප්‍රමුඛ ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වන අතර, එහි සංචාරක විභවය හඳුනාගනිමින් අවට ප්‍රදේශය ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ගංගාරාම විහාරස්ථානයේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් “Temple City” ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෝජිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ දේශීය හා විදේශීය සංචාරකයන්ට පහසුවෙන් හා නිදහසේ ගමන් කිරීමට හැකි වන පරිදි බේරේ වැව වටා පදික වේදිකාවක් (Pedestrian Walkway) ඉදිකිරීම, අවට ප්‍රදේශය අලංකාර කර සංචාරක හිතකාමී පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාළ සැලසුම් සහ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම මඟින් බේරේ වැව හා ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගත් ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මෙන්ම කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ජී. හේමචන්ද්‍ර, කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර යන මහත්වරු, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජිතයෝ මෙන්ම ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-01

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

‘ගොවියො රජවරු කියන්නෙ පචයක්!’ ලාල්කාන්ත කියපු කතාව නලින්දත් හරි කියයි! ‘මඩ‌ හෝදා ගත්තට හැම ගොවියටම රජ පුටුවෙ වාඩි වෙන්න බෑ..!’ VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ කෑම කන්න පටන් ගනී! I Sri Lanka Latest News

Load More
Exclusive

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City  පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper