පාර්ලිමේන්තු වටරවුමේ යකඩ බට යොදා පාර දින 2ක් වසා දැමීමට කටයුතු කිරීම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීී හරීන් ප්‍රනාන්දු මහතා විසින් දැඩි විවේචනයට ලක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ කතානායකවරයා මැදිහත්ව වහාම මාර්ගය මහජනතාව සදහා විවෘත කිරීමට කටයුතු කළ යුතු බවකි.
එසේ නොවන්නේ නම් ජනතාව තවත් දුක් විදින බව පෙන්වා දුන් ඒ මහතා වහාම විශ්වාසභංගයට ඉඩ දී වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ඉඩ සලසා දිය යුතු බවද කියා සිටියේය.










