කොරෝනාවට එරෙහි එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලැබෙන්නේ නම් එය බොහෝ දුරට ඔක්ස්ෆර්ඩ් එන්නත විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ මහචාර්‍ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
ෆයිසර් එන්නතට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණද එම එන්නත අධි ශීත තත්ත්ව යටතේ ගබඩා කිරීමේ ගැටලුවක් පවතින අතර ඊට සාපේක්ෂව ඉහළ මුදලක් වැයවීම ගැටලුවක් විය හැකි බව ඇය පෙන්වා දෙයි.
ඔක්ස්ෆර්ඩ් එන්නත සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 1400ක් පමණ මුදලක්ද, ෆයිසර් එන්නත සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 8000ක් පමණ මුදලක්ද වැය වනු ඇති බව ඇය පවසයි.
ඒ අනුව මෙරටට වඩාත් සුදුසු එන්නත කුමක්ද යන්න අද (04) දින තීරණය වනු ඇති බවද වාර්තා වේ.











