තංගල්ල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාවිච්චිය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබා දී ඇත.
රාමනායක මහතාට රූපවාහිනී යන්ත්‍රයක් මෙසේ ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා සලකා බැලීමෙන් පසුව බව පැවසේ.
මේ අතරරාමනායක මහතා මන්ත්‍රී ධූරය දැරූ කාලයේදී පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසය තවත් මාස හයක කාලයකට පාවිච්චිය සඳහා ලබාදුන් බව බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා ඇත.
තමාගේ බඩු භාණ්ඩ තබාගැනීමට එම නිවස යම් කාලයකට ලබාදෙන්නැයි රංජන් රාමනායක මහතා සිය ලේකම්වරයා මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කළ බවත් තමා ඒ අනුව කතානායකවරයා සමග සාකච්ඡා කර එම ඉල්ලීම ඉටු කර දීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවේය .










