මේ රට රනිල් වික්‍රමසිංහගේ බූදලයක් නොවන බවත්, ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ ගෙදර යවන සටන මාර්තු 9දා සිට ආරම්භ කරන බවත් සජබ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මැතිවරණයට මුදල් නැතැයි කියන වික්‍රමසිංහ මහතා ලක්ෂ 3000කට වඩා වියදම් කොට නිදහස් උත්සව තැබූ බවත්, මුදල් ලබා නොදීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පවරන බවත්ය.















