අද ආණ්ඩුව පාසල් යන වයසේ පසුවන ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමට සැලසුම් කළත් තමන් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මේ පිළිබද සදහන් කරද්දී ආණ්ඩුවේ ඇතැමුන් එය සමච්චලයට ලක් කොට පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) විපක්ෂ නායක කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙවෙමින් මේ බව පැවසීය.
දරිද්‍රතාව හේතුවෙන් කාන්තාවන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා බරපතළ රෝගාබාධයන්ට මුහුණ දීමට සිදුව ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.










