• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා කතානායක ජනාධිපති වී අන්තර්කාලීන ආණ්ඩුවක් හැදුවා නම්…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

April 29, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
එදා කතානායක ජනාධිපති වී අන්තර්කාලීන ආණ්ඩුවක් හැදුවා නම්…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ඉතිහාසය වෙනස් වීමට නියමිත වූ දවස වූයේ 2022 ජූලි 09යය. එදින පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. ඒ රැස්වීමේදී පක්ෂ නායකයන් එකඟතාවකට ආවේ එවක ජනාධිපති ගෝඨාභය සහ අගමැති රනිල් ඉවත්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඉඩදිය යුතු බවය. රැස්වීම අවසන් වූ විගස කතානායකවරයා ප්‍රකාශයක් කරමින් කීවේ ජනාධිපතිට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙසට වූ ඉල්ලීම මාලදිවයිනේ සිටි ජනාධිපති ගෝඨාට දැන්වූ බවය. රැස්වීමෙන් පසු මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් ප්‍රකාශයක් කරමින් කීවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමට එකඟ වූ බවය. රැස්වීමට ත්‍රිවිධ හමුදාපතිවරුද පැමිණ සිටි අතර අරගලය අවසන් කිරීමට ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙක වූ ජනාධිපති ගෝඨාභය සහ අගමැති රනිල් ඉවත් වීම සහතික කළ යුතු බව ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රකාශ කළ බව රැස්වීමට ආ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන් පැවැසීය.

මෙම ප්‍රවෘත්තිය විකාශය වී ටික වේලාවකින් අගමැති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කළේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් වීමට එකඟ නොවූ බවත්, සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන තෙක් ඔහු අගමැති ධුරයේ රැඳී සිටින බවත්ය. රනිල්ගේ පුද්ගලික නිවෙස අසල සිටි අරගලකරුවන්ටත් සිරස මාධ්‍ය ජාලයටත් පහර දුන්නේ ඉන් පසුවය. රනිල්ගේ නිවෙස ගිනිතබනු ලැබුවේ එම ප්‍රහාරයෙන් පසුවය.

පසු දිනත් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැතිණි. කතානායකවරයා අන්තර්කාලීන ආණ්ඩුවක ජනාධිපති ධුරයට පත්කොට ආර්ථික අර්බුදයට මූලික විසඳුම් ලබාදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහ මැතිවරණයකට යන්න එහිදී පක්ෂ නායකයෝ එකඟ වූහ. එම රැස්වීම් මාලාවට ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායකද සහභාගි වී එයට එකඟතාව පළකොට තිබිණි. ඒ වගේම අරගලයේ ප්‍රධාන නායකත්වයක් දරපු පෙරටුගාමී පක්ෂයද කතානායකවරයා ජනාධිපති කොට ගෙන යන අන්තර්කාලීන ආණ්ඩුවට කැමැති විය. රැස්වීමට නිරීක්ෂකයන් සේ සහභාගි වූ ත්‍රිවිධ හමුදාපතිවරු යෝජනාව වහාම ක්‍රියාත්මක කොට රට සන්සුන් කරන්න තමන්ට බලය දෙන්න යැයි ඉල්ලා සිටියහ. මෙම රැස්වීම් මාලාවට පොදුජන පෙරමුණත් සහභාගි වූ අතර ඔවුන්ද එයට විරුද්ධ නොවීය.

එදින රනිල් රැස්වීමට සහභාගි නොවීය. රනිල් හිටියේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල සමග සාකච්ඡා කරමින්ය. කතානායක ජනාධිපති කරන යෝජනාව ක්‍රියාත්මක වුවහොත් සජිත් ප්‍රේමදාස අගමැති වී ඒ ආණ්ඩුවෙන් රාජපක්ෂලා හිරේ දමා රාජපක්ෂ පවුලම ඉවර කරනු ඇතැයි රාජපක්ෂ පවුලට රනිල් පෙන්වා දුන්නේය. එය වළක්වන්න නම් තමාව වැඩබලන ජනාධිපති ලෙස පත්කරන්න යැයි ඔහු රාජපක්ෂ පවුලට බල කළේය. සජිත් අගමැති වුණොත් තමාගේ දේශපාලනය ඉවර යැයි නාමල් බය විය. කතානායක බලවත් වී ඩලස්ලා බලවත් වුණොත් තමා ඉවර යැයි බැසිල් බය විය. ඔවුහු වහාම මාලදිවයිනේ සිටි ගෝඨාට කතාකොට රනිල්ව වැඩබලන ජනාධිපති කරන ලියුම අස්සන් කරවා ගෙන ගෙන්වා ගත්හ.

ඒත් ගෝඨාභය හිටියේ දෙලොවක් අතරය. රාජපක්ෂ පවුලේ බලපෑමට යට නොවී රටට හොඳක් වෙන අන්තර්කාලීන ආණ්ඩුවට ඉඩ සලසන්න යැයි ඩලස්ලා සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ කණ්ඩායම ගෝඨාට බලපෑම් කළහ. රනිල් වැඩබලන ජනාධිපති ලියුම අතට ගෙන ඇමැති මණ්ඩල රැස්වීමක් කැඳවුවත් ඇමැතිවරු දෙතුන් දෙනෙක් ඇරෙන්න අන් සියල්ලම එය වර්ජනය කරමින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කීවේ අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් තමන් ඇමැති ධුරවලින් ඉවත් වෙන බවය. රනිල් වැඩබන ජනාධිපති ලෙස නිවේදනයක් නිකුත් කරමින් කීවේ ඇමැති මණ්ඩලයේ කවරකු හෝ ඉල්ලා අස්වූ බවට තමාට ලිපි ලැබී නොමැති බවය. එලෙසම ගෝඨාගේ ඉල්ලා අස්වීම එදින ප්‍රකාශයට පත්කරන බවද ඔහු නිවේදනයක් නිකුත් කරමින් කීවේය.

ගෝඨාගේ හිත වෙනස් වුණේ ඒ වෙලාවේය. තමාගේ ප්‍රකාශ තමා නිකුත් කරන්නේ කතානායකවරයා හරහා පමණක් බවට ගෝඨාභය මාලදිවයිනේ සිට විශේෂ ප්‍රකාශයක් කළේය. ඒත් මහින්ද, නාමල් සහ බැසිල් රනිල්ව වැඩබලන ජනාධිපති හෝ අගමැති ධුරයෙන් ඉවත් නොකරන ලෙසට ගෝඨාට තර්ජනය කළහ. රනිල්ද ගෝඨාගේ ආරක්ෂාව සහතික කරන බවටත්, ගෝඨා පත්කළ ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක ප්‍රධානී තනතුරු වෙනස් නොකරන බවටත්, ගෝඨාට ඇමෙරිකාවට යෑමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම්ද, ලංකාවේ රැඳී සිටින්නට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම්ද සලසන බව පොරොන්දු විය. රනිල් 1988-89 කැරැල්ල මර්දනය කිරීමෙන් තමා ලත් පන්නරය පෙන්වා අරගලය මර්දනය කොට රාජපක්ෂ පවුලට යළි දේශපාලනය කරන්න අවස්ථාව සලසා දෙන බව සහතික විය. ගෝඨාභය රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට කතානායකවරයාට ජනාධිපති ධුරයට පත් වීමට ඉඩකඩ සලසන පක්ෂ නායක යෝජනාවට පයින් ගැසීය. රනිල් වැඩබලන ජනාධිපති වී අරගලයට පහර දී මර්දනය කොට රාජපක්ෂ පවුල ලවා පොදුජන පෙරමුණේ ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවෙන් ජනාධිපති විය.

රනිල් ජනාධිපති වීමෙන් සිදුවූයේ යළි පරණ සාම්ප්‍රදායික දේශපාලනයට පණ දීමය. අරගලය ආරම්භ වූයේ මේ පරණ දේශපාලනයට එරෙහිවය. සජිත් ඇතුළු සමගි ජන බලවේගය අනුරගේ ජවිපෙ මෙන්ම ආණ්ඩුවෙන් එළියට ආ ඩලස්ගේ ස්වාධීන කණ්ඩායමද අරගලයට සහාය දුන්නේ සාම්ප්‍රදායික දේශපාලනය අවසන් කරන්නටය. මේ තුන් දෙනාම සාම්ප්‍රදායික දේශපාලනය ආරක්ෂා කළ ප්‍රභූ පවුල් පන්තියට අක්මුල් නැති නායකයන්ය. කතානායකගේ නායකත්වයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන වැඩේ රනිල් සහ රාජපක්ෂ පවුල කඩාකප්පල් කළාට පසුත් සජිත් සහ ඩලස් එක්වී පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන ඡන්දයට එක්වූයේ අන්තර්කාලීන ආණ්ඩුවක් හදලා ජනතාවට වාසිදායක කොන්දේසි යටතේ අයි.එම්.එෆ්. ගිහින් ආර්ථික අර්බුදය කළමනාකරණය කරලා මහ ඡන්දයකට යන්නටය. රනිල් සහ රාජපක්ෂ පවුල ඒ අවසන් උත්සාහයත් කඩාකප්පල් කළහ.

හැබැයි එදා කතානායක ජනාධිපති වී හෝ සජිත්-ඩලස් අගමැති-ජනාධිපති වී අන්තර්කාලීන ආණ්ඩුවක් හදාගත්තා නම් අරගලය අවසන් වන්නේ මර්දනයෙන් නොව රටට හොඳ ඓතිහාසික ගිවිසුමකිනි. එනම් හොරු අල්ලා හොරුන්ට දඬුවම් දී හොරුන්ගේ සල්ලි රටට ලබාගෙන යළි හොරකම් කරන්න බැරිවෙන සිස්ටම් එකක් හදන ගිවිසුමකිනි. ඒ ගිවිසුම අස්සන් කරන්නේ අන්තර්කාලීන ආණ්ඩුව සහ අරගල නායකයන්ය. එහෙම වුණා නම් අන්තර්කාලීන ආණ්ඩුවේ මුදල් ඇමැති අයි.එම්.එෆ්. යන්නේ සියලු පක්ෂ නියෝජනය කරන අන්තර්කාලීන ආණ්ඩුවේ යෝජනා සහ කොන්දේසි සමග කොන්ද කෙළින් තියාගෙනය. එසේ වූවා නම් අයි.එම්.එෆ්. සහනය ගන්න මාර්තු වෙන තෙක් ඉන්න ඕනෑ වෙන්නේ නැත. ඒ, ජූලි මාසයේම ස්ටාෆ් ලෙවල් ගිවිසුම අස්සන් කොට සහනය ගත හැකිව තිබිණි. එදා කතානායකගේ අන්තර්කාලීන ආණ්ඩුව අරගල නායකයන් සමග ගිවිසුම් අස්සන් කළා නම් අරගලය වාර්තා කරන්න ආ විදේශ මාධ්‍ය එය ලෝකයට දෙන්නේ ලංකාව ලෝකයටම ආදර්ශයක් ගත හැකිවන ලෙසය. රනිල් අගමැති වී මේ මැයි මාසයට වසරකි. තවම විදේශ ආධාර ලෙස ලංකාවට ලැබී ඇත්තේ අයි.එම්.එෆ්. සහනය පමණි. එයත් ඩොලර් මිලියන 330කි. කතානායක ජනාධිපති වී අන්තර්කාලීන ආණ්ඩුවක් හදා අරගලකාරයන්ගේ සහාය ලබාගත්තා නම් මේ වෙනකොට ලංකාවේ මහ ඡන්දයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පත්කරගෙන ජනාධිපති ක්‍රමය අහෝසි කොට රට යන්නේ හැල්මේය.

ඒක කඩාකප්පල් කළේ රාජපක්ෂ පවුල සහ රනිල් වික්‍රමසිංහය. විමල් නොදන්නවා වගේ ඉන්න, රටම දන්න සැඟවුණු කතාව ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහින්දයි බැසිලුයි දෙන්නම හොරෙන්ම ගිහින් රනිල් හමුවෙලා! ගිය දිනයන් කතා කරපු දේවල් මෙන්න!

Next Post

පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ගැන සෞඛ්‍ය උපදේශක කාරක සභාවේදී අහපු ප්‍රශ්නවලට දීපු උත්තරවලට විපක්ෂනායකට යකා නගී! ඔයා හිතන්න එපා මම තොරතුරු නැතිව ආවා කියලා! මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නෙත් තොරතුරු ඇතිව! හරි…! ඔයා අභියෝග කරනවා නම් මම තොරතුරු ඉදිරිපත් කරන්නම්! තේරුණාද..? නිලධාරීන්ගේ කට වැහෙන්නම සජිත් උත්තර දෙයි! VIDEO

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.