එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සරත් ෆොන්සේකා මහතා හා අජිත් පී පෙරේරා මහතා ඉවත් කිරීමත් සමග අද (30) සවස පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීන්දු කර ඇත.
ඒ අනුව එම කණ්ඩායමේ මතය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දීම සදහා මලික් සමරවික්‍රම මහතා පමණක් ඊට සහභාගී කරවීමට ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත.
අද (30) දහවල් සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ කණ්ඩායම අතර පැවැති විශේෂ සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සාකච්ජාව අවසන් කොට ඇත්තේ තමන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් කිසිදු විටෙක අතරමං නොකරන බවත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් පියවර ගන්නා බවත් කියමිනි.










