• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක මතයකට එන ලෙස ජනාධිපති මැතිවරණ කොමිසමට කී බවට පත්තරවල ගිය කතාව අමූලික බොරුවක්! ජනාධිපති එහෙම කියලා නෑ! නීතිපති කතා කරලත් නෑ! සිද්ධ වෙච්ච ඇත්තම දේ මෙන්න! මීට පස්සේ ජනාධිපතිගේ සාකච්ඡාවලට නොයන්නත් කොමිසම තීන්දු කරයි! EXCLUSIVE

January 6, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
එක මතයකට එන ලෙස ජනාධිපති මැතිවරණ කොමිසමට කී බවට පත්තරවල ගිය කතාව අමූලික බොරුවක්! ජනාධිපති එහෙම කියලා නෑ! නීතිපති කතා කරලත් නෑ! සිද්ධ වෙච්ච ඇත්තම දේ මෙන්න! මීට පස්සේ ජනාධිපතිගේ සාකච්ඡාවලට නොයන්නත් කොමිසම තීන්දු කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්වාධීන මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය බ්‍රහස්පතින්දා (05) පැවැත්වූ සාකච්ඡාවකදී සිදුවූ බවට සියලු මාධ්‍ය වාර්තා කොට ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බව මේ වන විට තහවුරු වී තිබේ.

පහත පළවන්නේ එම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය පළකොට තිබූ පුවතය.

එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට අද (5) දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනා අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,නීතිපති සංජය රාජරත්නම්,අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරිල් පුල්ලේ,මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයෝ හතර දෙනෙක් ද සහභාගී වූහ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති අතර බහුතර ඒකමතික මතයකට පැමිණ තීරණයක් ගන්නා ලෙසයි.

මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී ජනාධිපතිවරයා කොමිසමට අවශ්‍ය නම් නීතිපතිගෙන් ලිඛිත උපදෙස් ලබා ගන්නා ලෙසද දැනුම් දී දුන්නේය. නීතිපති දෙපාර්තමේන්තුව අදාල නීති සහයෝගය ලබාදෙනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එහිදී අදහස් දක්වමින් නීතිපතිවරයා පැවසූයේ මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබද යම් නීති ගැටලූවක් ඇතොත් සෘජුවම තමාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක් මතයක් නොදැරීම නිසා අදාළ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පුවතේ මේ ආකාරයෙන් සඳහන්ව තිබුණත් මෙහිදී සිදුව ඇත්තේ හාත්පසින්ම වෙනස් දෙයකි.

පළමුව මෙම පුවතේ කොමිසමේ සාමාජිකයන් හතර දෙනකු පමණක් සහභාගි වූ බව සඳහන්ව තිබුණද, එම සාකච්ඡාවට කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුළු සියලු සාමාජිකයන් සහභාගි වීමට පියවර ගෙන ඇත. මෙහිදී සාකච්ඡාව ආරම්භයේදී ජනාධිපතිවරයා කොමිසමේ සාමාජිකයන්ගෙන් විමසා ඇත්තේ ‘දැන් ඡන්දය කරන්නේ කෙසේදැ’යි කියාය. ඊට කොමිසමේ සාමාජිකයන් පිළිතුරු දී ඇත්තේ, මේ වන විට එහි වැඩකටයුතු සියල්ල සිදුවෙමින් පවතින බවත්, අධිකරණයමය හෝ ව්‍යවස්ථාමය ගැටලුවක් මතු නොවුණහොත් තීරණය කරගත් ආකාරයට මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවය.

කොමිසමේ නිලධාරීන් මෙසේ පිළිතුරු දෙද්දී ජනාධිපතිවරයා ඊට කිසිදු වචනයක් ප්‍රකාශ කර නොමැති බව දැනගන්නට ඇත.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා, ‘ඔක්කොම එක මතයක නේද ඉන්නේ?’ යනුවෙන් විමසීමට පියවර ගෙන තිබේ. ඊටද කොමිසමේ සභාපතිවරයා පිළිතුරු දී ඇත්තේ, කොමිසමේ සියලු නිලධාරීන් එක මතයක සිටින බවත්, ඔවුන් අතර කිසිදු ගැටලුවක් නොමැති බවටය.

ඒ අනුව ඊටද ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව දැනගන්නට තිබේ.

එමෙන්ම මාධ්‍යවල පළවූ පුවතෙහි නීතිපතිවරයාද සාකච්ඡාවට සම්බන්ධ වී උපදෙස් ලබාදුන් බවක් සඳහන්ව තිබුණද, නීතිපතිවරයා කිසිදු මතයක් එහිදී ප්‍රකාශ කර නොමැති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව මෙම පුවත සියලු මාධ්‍යවලට යොමුකොට ඇත්තේ එක් ස්ථානයකින් බව මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හට මේ වන විට තහවුරු වී ඇත.

එමෙන්ම මෙවැනි සාකච්ඡාවලට ස්වාධීන මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට සහභාගි විය නොහැකි බවට සිකුරාදා දිනයේදී විපක්ෂය මාධ්‍ය හමුවක් කැඳවා සිදුකරනු ලැබූ විවේචනයෙන් පසු ඉදිරියේදී ජනාධිපතිවරයා කැඳවන කිසිදු සාකච්ඡාවකට සහභාගි නොවීමටද මැතිවරණ කොමිසම තීන්දු කොට ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

මිනිස්සුන්ට කන්න නැති වෙලාවේ.. මිනිස්සු දුක් විඳින වෙලාවක කොළඹ නගරාධිපතිනියගේ නිල නිවසේදී ලබා දුන් සුපිරි පාටියක කෑම මේසේ ෆොටෝ හෝ ගාලා සමාජ මාධ්‍යයේ යනවා! (PHOTOS)

Next Post

අලුත් නමක්…! අලුත් ලකුණක්…! සඳුදා එළියට..! මෛත්‍රී-ඩලස්-විමල් සන්ධානය ලෑස්තියි! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.