ලංකා විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බව එහි සභාපති නලින්ද ඉලංගකෝන් පවසනවා. මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවයි ඔහු කියන්නේ. උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410ක් අවශ්‍ය බව කියන සභාපතිවරයා විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බවයි පවසන්නේ.
විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකළ අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්ධි වූයේ නම් එය වෙනත් දෝෂයක් බව කියන සභාපතිවරයා පැවසුවේ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. ඉන්ධන නොමැතිව විදුලිය සැපයිය නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ඔහු කියනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වූ බව පිළිගනිමින් සභාපතිවරයා සඳහන් කළේ එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවයි.










