ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස රුපියල් 41,667 ට වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන් සඳහා බදු පැනවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.
කෙසේ වෙතත්, ආණ්ඩුව විසින් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් උපයන සියල්ලන්ටම උපයන විට ගෙවන බද්ද පනවන ලදී.
මෙම පියවර බදු අඩු කරන ලෙස ඉල්ලා සිටින ඉහළ ආදායම් ලබන රාජ්‍ය සේවකයින් අතර දැඩි විරෝධයක් ඇති කර තිබේ.
“සාකච්ඡාවලදී IMF රුපියල් 500,000 ට වැඩි සියලුම ආදායම් සඳහා බදු ගෙවන ලෙස ඉල්ලා සිටියේය. මෙයින් අදහස් කරන්නේ මසකට රුපියල් 41,667 ට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකුට බදු ගෙවීමට සිදුවනු ඇති බවයි. නමුත් රජය එය රුපියල් 100,000කට නියම කළා,” යැයි IMF සාකච්ඡාව පිළිබඳව සෘජු දැනුමක් ඇති එක් මූලාශ්‍රයක් EconomyNext වෙත පවසා තිබිණ.










