අද දිනයේ ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වූ පක්ෂ නායකයන් කිහිප දෙනකු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ.
එම සාකච්ඡාවට වාසුදේව නානායක්කාර, ජයන්ත සමරවීර ඇතුලු කිහිප දෙනකු සහභාගී වී සිටියහ.
මෙහිදී පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත්, ඊට විපක්ෂනායකවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවත් වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.










