වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය.
මේ අතර හුදකලා කරඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණ.










