ආණ්ඩුව ඇතුළේ සිට විපක්ෂයේ කාර්යභාරය කිරීමට අවශ්‍ය නැති බවත්, ආණ්ඩුව ඇතුළේ සිටීමට නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වී යන ලෙසත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සදහන් කරයි.
ආණ්ඩුවක් තීන්දු ගැනීමෙන් පසු එය ඒළියට පැමිණ විවේචනය කිරීම ගැලරිය චූන් කිරීමක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එකග වීමට නොහැකි දෙයක් ඇත්නම් එය කැබිනට් මණ්ඩලය තුළ විසදාගත යුතු බවද හෙතෙම කියා සිටියේය.










