• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජී.එල්‌. නොකී රහස් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හෙළිකරයි! 13 වන සංශෝධනය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්නැයි ඉන්දීය විදේශ ‌ලේකම් ජනපතිට කියලා!

October 6, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජී.එල්‌. නොකී රහස් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හෙළිකරයි! 13 වන සංශෝධනය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්නැයි ඉන්දීය විදේශ ‌ලේකම් ජනපතිට කියලා!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලුම වගන්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අවධාරණය කර තිබේ.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

එම හමුවේදී විදේශ ලේකම්වරයා ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් පවසා තිබුණේ, ශ්‍රී ලංකාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලුම වගන්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන්දීය ස්ථාවරයට අනුව 13 වැනි සංශෝධනයට ඇතුළත්ව ඇති බලතල බෙදී යාම පිළිබඳව ඇති වගන්ති සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සිදුකළ යුතු බවත් ය.

ඉන්දියාව 13 වැනි සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරන ලෙසට ඉතා පැහැදිලිව කියා තිබුණ ද අද (06) මාධ්‍ය හමුවක් කැඳ වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒ පිළිබඳව කිසිදු සඳහනක් සිදු නොකළේ ය.

ඒ වෙනුවට මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ, ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳවයි.

”ඉන්දියාව සුදානම් මහාපරිමාණ ආයේජන අපේ රටට කරන්න. කෝවිඩ් 19 වසංගතයෙන් ගොඩ යන කොට ආර්ථිකයට නව ජීවයක් ශක්තියක් එකුතු කිරීම සඳහා ඉන්දියාවෙන් ආයෝජන විශේෂයෙන්ම හඳුනාගෙන තිබෙනවා ක්ෂේත්‍ර 2 ක්. ඖෂධ නිෂ්පාදනය හා පරිගණක තාක්ෂණය. ඒවාගේම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පිළිබඳ තත්ත්වය වඩා දියුණු මට්ටමකට ගෙන යාම සඳහා ඉන්දියානු රජය ඉන්දියයානු මහ බැංකුව සමග සාකච්ඡා කරලා විවිධ විකල්ප තියෙනවා. ඒවා ගැනත් විශේෂ අවධානයක් යොමු කළා”

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් සාකච්ඡා කළ කරුණු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේ ය.

”ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන විශේෂ අවධානයක් යොමු වුණේ, නෑ. මේ තෙල් ටැංකි පිළිබද ගිවිසුම් දැනටම තියෙනවා. ඒක හුග දෙනෙක් දන්නේ නැ. ඉන්දියාවෙන් මේ සම්බන්ධයෙන් ලොකු බලපෑමක් වෙනවා කියන මතය වැරදියි. ෂ්‍රිංග්ලා මැතිතුමා එහෙම බලපෑමක් කිසිසේත් කළේ නෑ. ඉන්දියාවේ ස්ථාවරය රටවල් 2 ටම උවමනා පරිදි රටවල් 2 ම අභිප්‍රාය ඉටුවන පරිදි මේවා සකස් කර ගනිමුයි කියන ස්ථාවරයේ ඉදලා තමයි ෂ්‍රිංග්ලා මැතිතුමා ඉන්දියානු රජය අප සමග ඒ විෂය ගැන සාකච්ඡා කළා. සියලුම පාර්ශවකරුවන් සමග වෘත්තිය සමිති අන් සියලු දෙනා සමග බොහොම විවෘතව සාකච්ඡා කරලා තිමයි අවසාන නිගමනයකට එන්නේ. එහෙම නිගමනයකට දැනට ඇවිල්ලා නෑ. සාකච්ඡා පැවැත්වුවා විතරයි”

මේ අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට වන ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක් දැයි අද මාධ්‍යවේදීහු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියහ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ පැවැත්විය යුතුය යන මතයේ රජය සිටින බවත් එහි කිසිදු වෙනසක් නොමැති බවත් ය.

”අපි පැහැදිලිව අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. ඉන්දියන් විදේශ ලේකම් තුමා පැමිණියේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් තියෙන සහයෝගය වැඩි කරන්න. ඒ වාගේම මං හිතන්නෙ දේශපාලන පක්ෂ කීපයක් හම්බවෙලා තියෙනවා. ඒ හම්බවෙච්ච වෙලාවේ කරපු ප්‍රකාශ තියෙනවා. මං හිතන්නේ ඒවා ඒ පක්ෂයට කරපු ප්‍රකාශ. හැබැයි පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ තියන්න ඕනේ කියන මතයේ අපි ඉන්නවා. එහි කිසිම වෙනසක් නෑ”

SendShareShare
Previous Post

නිවාස අධිකාරියේ සභාපති පොලිසියයි මැර කණ්ඩායමකුයි යවලා ආයෝජකයකුගේ කොළඹ ඉඩමක් අල්ලපු හැටි මනූෂ කියයි! (VIDEO)

Next Post

අලුත් බෙහෙත් නැතිව පරණ බෙහෙත්ම ගේන ඖෂධ මාෆියාවේ භයානක සෙල්ලමක් අධිකරණයේදී හෙළිදරව් වෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.