හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
පසුගිය දිනෙකදී හිටපු ජනාධිපතිවරයාගේ නිවෙසේ මෙම හමුව පැවැත්වී ඇති බව වාර්තා වේ.
මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට තිබේ.