ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් අස්වූ බවට පක්ෂය වෙත තවමත් දැනුම්දී නොමැති බව පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් සඳහන් කරනවා.
පාර්ලිමේන්තු ලේකම්වරයා වෙතටද ඉල්ලා අස්වීමේ දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම නිසා පුරප්පාඩු වන එම මන්ත්‍රී ධුරය ලබාගැනීමට තුන්දෙනෙකු ඉදිරිපත්වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.









