දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා හට යළිත් පූර්ණ ආරක්ෂාව ලබා දෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.
පසුගිය දිනෙක මඩකලපුවේ පොතුවිල් සිට යාපනයේ පෝලක්කණ්ඩි දක්වා සිදු කළ පාගමනින් පසු සුමන්තිරන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා පියවර ගෙන තිබිණ.
මේ සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණ.
මේ අතර අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් පාගමන් යාම සම්බන්ධයෙන් පොලිසිය සුමන්තිරන් මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමටද කටයුතු කොට ඇත.










