ඇදිරි නීතිය හේතුවෙන් මහල් නිවාසවලට වී සිටින කොළඹ ජනතාවගේ මානසික ආතතිය දුරු කිරීම සදහා යුද හමුදා වාද්‍ය වෘන්දය විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට ඇත.
ඒ අනුව අද (05) දිනයේදී කොළඹ පැවැති ජංගම වේදිකා සංගීත සන්දර්ශනයක ගීත ගායනා කිරීම සදහා භාතිය-සන්තුෂ් සහ උමාරියාද එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
මීට පෙර පොලිස් වාද්‍ය වෘන්දයද මේ ආකාරයටම මරදාන මහල් නිවාස ආසන්නයේ ජංගම සංගීත සන්දර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.










