• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි… යළි නොම එන්නට ගිය ගමනයි… දිය රකුසයි ගඟ මැද කපුටයි…!’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 17, 2022
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
යූ.ඇන්.පී.කාරයන්ට ලැජ්ජා හිතෙන්නේ නැද්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘ඝාතනය කළ ශාන්ත දොඩම්ගොඩ වෙනුවෙන් යුක්තිය ඉටුකරනවා…’

ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාව සකස් කිරීමට දායකත්වය ලබාදීමට පැමිණ සිටියදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු මැර කණ්ඩායමක වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වූ කහවත්තේ ශාන්ත දොඩම්ගොඩ මහතාට අවසන් ගෞරව දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කහවත්තට පැමිණියේය. සාහසික ලෙස මරාදැමූ ශාන්ත දොඩම්ගොඩ මහතාගේ ජීවිතය වෙනුවෙන් යුක්තිය ඉටුකරන බව අගමැතිවරයා, දොඩම්ගොඩ පවුලේ අයට පැවැසීය. ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් කාර්යාලයක් දැමීමට හෝ ඉඩ නොදෙමින් එජාප පාක්ෂිකයන් බියවද්දමින් එ.ජ.නි. සන්ධාන ප්‍රබලයන් කටයුතු කළ බව ප්‍රාදේශීය දේශපාලනඥයෝ අගමැතිවරයාට පැවැසූහ. එම මැර දේශපාලනය ජන බලයෙන් අවසන් කළ බවත්, නීති විරෝධී කටයුතුවල යෙදුණු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා එහිදී පැවැසීය…’

12.01.2015 දිනමිණ

රනිල් නිවිතිගල ශාන්ත දොඩම්ගොඩ පවුල ඉදිරිපිට මෙම පොරොන්දුව දුන්නේ 2015 අගමැති වෙලාය. අද රනිල් ජනාධිපතිය. අද ඔහු ශාන්ත දොඩම්ගොඩ ඝාතනයට චෝදනා ලැබ පසුව නිදහස් වූ ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය ඇමැති ධුරයක් ලබාදී තිබේ. හරි නම් ඔහුට රාජ්‍ය ඇමැති ධුරය දිය යුතුව තිබුණේ රාජපක්ෂවරුය. ඒ, 2015 මහින්ද දිනවන්න කළ මරාගෙන මැරෙන සටන වෙනුවෙන්ය. ඒත් රාජපක්ෂලා ප්‍රේමලාල්ට යුක්තිය ඉටු කළේ නැත. සමහර විට ගෝඨාභය මරණ දඬුවම නියම වූ අයකුට ඇමැති ධුර දෙන්න බැහැ කියා කියන්න ඇත. ඔහු පසුව මරණ දඬුවමෙන් නිදහස් වුවත් ඔහු හිරේ සිටි නිසා ඔහුට රාජ්‍ය ඇමැතිකමක් දීමට ගෝඨා අකැමැති වෙන්න ඇත්තේ ඔහු මරණ දඬුවම් ලැබ හිරේ සිටියදී පාර්ලිමේන්තුවට ගෙන ආවා යැයි ගෝඨාට එරෙහිව එල්ලවූ චෝදනාවලට බයේ විය යුතුය. ගෝඨා කරන්න බය වූ දේ රනිල්ට කර පෙන්වන්න යැයි මහින්ද, බැසිල් ඇතුළු රාජපක්ෂ පවුල රනිල්ට කියන්න ඇත. ඉතින් රනිල්, ශාන්ත දොඩම්ගොඩ සහ පවුල අමතක කොට රාජපක්ෂ පවුල වෙනුවෙන් ප්‍රේමලාල්ට යුක්තිය ඉටුකර ඇත.

‘ඒ කියන්නේ රනිල්ට යූ.ඇන්.පී.ය අමතක වෙලාද…?’

මේවා ඇහැට පෙනි පෙනී රනිල්වාදීන් හිතන්නේ රනිල් ජනාධිපතිකම ගත්තේ යූ.ඇන්.පී.ය ගොඩගන්න කියාය. රනිල්වාදී සිවිල් සංවිධාන හිතන්නේ රනිල් ජනාධිපතිකම ගත්තේ මාර ප්‍රතිසංස්කරණ කරන්න කියාය.

එහෙම හිතන සිවිල් සංවිධාන අතරින් සෝභිත හිමිගේ නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ප්‍රධානය. සෝභිත හිමි මේ ව්‍යාපාරය හැදුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන්නය. 2015 මහ මැතිවරණයට පසු සෝභිත හිමි අපවත් වෙන්න මාසයකට පෙර කීවේ ශ්‍රීලනිපයේ පරාජය වූ මන්ත්‍රීවරුන්ට මෛත්‍රිපාල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දීම පිළිකුළෙන් යුතුව හෙළාදකින බවය. එය ප්‍රජාතන්ත්‍රවාදයට කළ නිග්‍රහයක් බවය. සෝභිත හිමිගේ එම ප්‍රකාශය අනුමත කරමින් එවක අගමැති රනිල් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කළේ පරාජිත තීන්දු යූ.ඇන්.පී. අපේක්ෂකයකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොදෙන බවට ප්‍රතිඥා දෙමින්ය. අන්තිමේදී රනිල්ම 2020 පරාජය වී යූ.ඇන්.පී.යට හිමි ජාතික ලැයිස්තුවෙන් ආවේය. සෝභිත හිමි කීවේ පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවය. පරාජිත අපේක්ෂකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති සහ ජනාධිපති වෙන විට සෝභිත හිමි සිටියා නම් උන්වහන්සේ පාරට බහිනවා නියතය.

මේ වන විට සෝභිත හිමි අපවත් වෙලාය. හැබැයි සෝභිත හිමිගේ ධජය ඔසවාගෙන යනවා කී නිදහස් සහ සාධාරණ සමාජ ව්‍යාපාරය මේ ගැන වචනයක් කීවේ නැත. මේ නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය රනිල් ජනාධිපති වූ විගස මරු ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය නම් රනිල් සතියක් දෙකක් තුළ 19 වැනි ව්‍යවස්ථාව සම්මත කොට විධායක බලතල පාර්ලිමේන්තුවට පවරා පාර්ලිමේන්තු මහ ඡන්දයකට යන්න තම සංවිධානයට පොරොන්දු වූ බවය. ඒ සඳහා රනිල් ශනක්තිමත් කරන්න සර්වපාක්ෂික ආණ්ඩුවකට එක් වන්න යැයි නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විපක්ෂයට බල කළේය. මේ ප්‍රකාශය කළේ ගාල්ලේ පැවැති නිදහස් සහ සාධාරණ සමාජ ව්‍යාපාරයේ රැස්වීමකදීය.

‘ඒ ව්‍යාපාරයේ ලණුව කාලා විපක්ෂයේ මන්ත්‍රීවරු ඇමැතිකම් ගත්තා නම් මරේ මරු නේද…?’

සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න තිබුණු හොඳම අවස්ථාව ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් නොවී විදේශගත වූ අවස්ථාවය. එහිදී අරගලකරුවන් ඉල්ලා සිටියේ ජනාධිපති ගෝඨා මෙන්ම අගමැති රනිල්ද ඉවත්විය යුතු බවය. ගෝඨාභය රටින් පැනගිය පසු කතානායක පක්ෂ නායකයන් කැඳවූ විට පක්ෂ නායකයන් එක හඬින් කීවේ ජනාධිපතිත්, අගමැතිත් ඉවත් විය යුතු බවය. එතැන අගමැති රනිල්ද සිටියේය. ඔහු අගමැති ධුරයෙන් ඉවත් වෙන්න එතැනදී පොරොන්දු වූ බව රැස්වීමට සහභාගි වූ ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් සහ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී රාවුෆ් හකීම් කීහ. ටික වෙලාවකින් අගමැති මාධ්‍ය ඒකකය කීවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමෙන් පසු අගමැති ධුරයෙන් ඉවත් වන බවක් මිස ඊට පෙර අගමැති ධුරයෙන් ඉවත් වන බවක් රනිල් නොකී බවය.
ඒ වෙලාවේ රනිල් ඉවත් වුණා නම් වැඩ බලන ජනාධිපති වන්නේ කතානායකවරයාය. එසේ වූවා නම් කතානායකවරයාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකඟත්වයෙන් අලුත් ජනාධිපති කෙනෙක් අලුත් අගමැති කෙනෙක් පත්කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න නියමිතව තිබිණි.

එය වැළැක්වූයේ රනිල්ය. ඔහු ජනාධිපතිකම ගන්න රාජපක්ෂලා සමග ඩීල් එකක් දමලා අගමැති පුටුව බදාගෙන සිටියේය.

‘ඇයි ඒ වෙලාවේ නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සහ අනෙකුත් සිවිල් සංවිධාන රනිල්ට ඉවත් වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා කිව්වේ නැත්තේ…?’

එහෙම නොකියා රනිල් ජනාධිපති වෙනතෙක් කට තදකරගෙන ඉඳලා දැන් විපක්ෂය සර්වපාක්ෂික ආණ්ඩුව කඩාකප්පල් කළා යැයි නහයෙන් හඬයි. මේ නිදහස් සහ සාධාරණ සමාජ ව්‍යාපාරය රාජපක්ෂලා ශක්තිමත් කරන්ට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රනිල්ට බිලිදෙන්න උදේ දිවා රෑ වෙහෙසුණි. අද සෝභිත හිමි සිටියා නම් අපවත් වෙන්නේ නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ සමාජ ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන අද රාජපක්ෂලා නටවන රනිල්ගේ ආණ්ඩුවට මානුෂික මුහුණුවරක් දීමට හැංගි හොරා නටන නැටිල්ල දැකලාය. දැන් රනිල්ට ඕනෑ මේ නැටුම ජාත්‍යන්තර ප්‍රජාව ඉස්සරහත් වෙස් බන්දලා නටවන්නටය. ඹී ්ෂෘ ප්‍රධානී සමන්තා පවර් ලංකාවට ඇවිත් රනිල් හමුවුණු වෙලාවේ ජනසභා, ජාතික සභා පිහිටුවන්න කරු ජයසූරිය සහ වික්ටර් අයිවන් එක්ක වැඩ කරනවා යැයි රනිල් කිව්වේ කරු සහ වික්ටර් අයිවන් විකුණලා රාජපක්ෂ හංවඩුව ගලවන්නටය. ඒවා ඔක්කොම අහලා සමන්තා පවර් හවස පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා සටන් කිරීම සිවිල් සංවිධානවල යුතුකමක් බවය. ඇය නොකියා කිව්වේ රාජපක්ෂ ආණ්ඩු කාලයේ ප්‍රතිසංස්කරණ ඉල්ලලා හඬ නඟපු නිදහස් සහ සාධාරණ සමාජයක් වැනි සිවිල් සංවිධාන අද රාජපක්ෂලා රකින රනිල්ව ගොඩ දමන්න කොන්ත්‍රාත් කිරීම අදහාගත නොහැකිවය.

හරීන් දේශපාලන වේදිකාවේ සින්දු කියන්න රුසියෙකි. ඔහු 2020 මහ ඡන්දයට තරග කරන්න බය විය. ඒ, පරදී කියාය. ඔහු තමා නියෝජනය කළ ආසනයට යන්න බය විය. ඒ, මිනිස්සු ගල් ගහයි කියාය. එහෙම හිතලා ඔහු සජිත්ගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් සහ තමා නියෝජනය කළ බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවට ගම්පහ වත්තල ආසන සංවිධායකකම ලබාගත්තේය. ඔහු ඉන් පසු ගෝඨාභයට වැටෙන්නම ගැහුවේය. කවුරුත් ගෝඨාට ගහන්න බය කාලේ ඔහු ‘සර් ෆේල්’ කියා ගැහැව්වේය. ගහලා ගහලා අන්තිමට ‘ගෝඨා යටතේ අගමැතිකම ගමු’ යැයි ඔහු සජිත්ට යෝජනා කළේය. සජිත්, අරගලය ගෙදර යන්න කියන ගෝඨා යටතේ අගමැතිකම් කරන්න බැහැ යැයි කීවේය. එතකොට ඔහු ඇන්ටන් ජෝන්ස්ගේ සින්දුවක් මතක් කොට සජිත්ට ඔච්චම් කළේය. ඒ, ‘ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි’ කියන සින්දුවය. අද හරීන්ලා පමණක් නොව නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ඇතුළු සිවිල් සන්ධානද නැගලා ඉන්නේ ඒ ආසයි බයයි නම ගහපු බෝට්ටුවේය. ඒ සින්දුවේ තව පද කිහිපක් තිබේ. ඒ සින්දුවේ පද එහෙට මෙහෙට වෙනස් කරලා දැන් සජිත්ටත්, හරීන්ට ඔච්චම් කරලා ඒ සින්දුව මෙහෙම කියන්න පුළුවන.

‘ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද කපුටයි
ජීවිත ගණනක් බිලිගත්තයි….’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පෙරළියක් අත ළඟ! මෙන්න එළියට ආපු සාක්ෂිය!

Next Post

රනිල් 8 දෙනෙක් එක්ක මහරැජිනට අවසන් ගෞරව දක්වන්න යයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.