එක්දහස්නමසිය පනස්හය (1956) තරමේදී “දෛව විපාකය” නමින් චිත්‍රපටයක් ආවේය. ඒ කතාව ලියන ලද්දේ පසු කලෙක (1977) ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂකවරයා වූ එවකට “දිනමිණ” පුවත්පතේ උපකර්තෘවරයකු වූ සිසිර කුමාර මාණික්කආරච්චිය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ සේනාධීර කුරුප්පුය. ප්‍රේමවන්තියට (මාලා) රඟපෑවේ මේබල් බ්ලයිත්ය. ඔහුට හිරේ වැටෙන්න සිදුවිය. ඔහු හිරේදී ගීතයක් ගැයුවේය.
“සුfදා් සුදු රන්-කඳේ මගෙ පෙම් ලොවේ රැජිනී ප්‍රියේ මාලා” යන මොහිදීන් බේග් ගැයූ ඒ ගීතය එකල බොහෝ සේ ජනප්‍රිය එකක් වූයේය. අපේ පාසල් කාලයේ බැවින් කෙල්ලන් දකින විට කොල්ලෝ ඒ තාලෙට වෙන එකක් කීවෝය.
“සුදෝ සුදු රන්-කරට නැගපං, කරේ ඉඳලා බිමට බැහැපං”
ඔය සින්දුව මෙනෙහි වූයේ පසුගිය සමයේ අපේ ඇතැම් මාධ්‍යද අපේ මහත්තතයකු කරට පමණක් නොව ඔළුව උඩටම නග්ගවා ගත් හෙයිනි.
එහෙත් මේ මහත්තයාට මාධ්‍ය මහත්වරුන් අර කොල්ලන්ගේ සින්දුවේ මෙන් බිමට බහින්නට කීවේ නැත. මාධ්‍ය මහත්වරුන් කළේ අර මහත්තයා උස්සපු තැනින් බිමට අතෑරීමය. මේ මහත්තයා එසේ මෙසේ මහත්තයකු නො ව වෙද මහත්තයෙකි. එතුමා පැවසූ අන්දමට කාලිඅම්මාගේ පුතෙකි. පයුරුපාසානෙ පැවැත්තුවේ අචින්ත්‍ය බල ඇති අනන්ත දළ ඇත්ි දේශපාලන බලධාරීන් සමගය.

අම්මගෙ බලයයි දේශපාලන බලයයි දෙකම තිබූ මෙතුමා අපේ අටමස්ථානාධිපතින් වහන්සේටද පුංචි පහේ “සත්තමක්” දාන්න ගියේ අර බලයේ රශ්මිය නිසාද නම් කියන්න අමාරුය.
මහෞෂධ පඬිතුමා උපදින අවස්ථාවේදීම ගෙනා ඖෂධයටත් වඩා බලසම්පන්න රිෂ්ඨයක් පමණක්ම නොව අරිෂ්ඨ පැණියක්ම මෙතුමා නිපදවූ බවට අපේ ඇතැම් මාධ්‍ය කෑමොර දුන්නේය. ඒ එතුමාට වඩා කෙරුම්කාරයකුම මුළු සර්වග්‍රහ මණ්ඩලයේම නැති අන්දමිනි.
පැණිය ගැනීමට මහජනයා පොදි බැඳ ගිය අවස්ථාවේදී එතැන රාජකාරියේ යෙදුණු සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශවල නිලධාරීන් මුළු ගැන්වී සිටියේ හරියට සූර්ය රාජයා අභියස නිකම්ම නිකම් පැණියන් ලෙසින් නොව කදේා්පැණියන් සේය. කාලි අම්මාටත් නැති දස්ට දිස්ටියකි.
ඉස්සර සමහර මාධ්‍ය ආයතන විසින් කරේ තියා ගෙන යන ලද එතුමා දැන් මාධ්‍ය ආයතනයක දොරටුවකින් හෝ ඇතුළට ගන්නවා දැයි නොදනිමු. (කලකදි රහලූ කලකදි වහ වෙනවාලූ යන කියමනක්ද තිබේ.)

ඒ නිසා මෙතුමා කරන්නේ කුමක්දැයි යන්න විපරම් කිරීමට අපි කෑගල්ලේ හෙට්ටිමුල්ල පැත්තට ගියෙමු. එහෙත් එහි නැත. පදිංචිය නෙළුම්දෙණිය පැත්තේ දේවාලයේ බව දැනගන්නට ලැබුණෙන් ඒ පැත්තට ගියෙමු. ඉස්සර රටේ සැම අස්සක් මුල්ලකින්ම පැමිණි පිරිස් සිද්ධ වූ අකලංචියෙන් පසුව කෙමෙන් කෙමන් එකා දෙන්නාට අඩුවී එතුමාද එන්නත එන්නත් කරගත් අයුරු දැකීමෙන් පසුව දැන් පැණි ගන්න කිසිම කෙනකු නො එන බව දැනගන්නට ලැබිණි.
එහෙත් දේවාලයට නම් දෙතුන් දෙනකු එන බව පැවසිණි.
දැන් පැණි නිෂ්පාදක කාර්ය මණ්ඩලයත් ආරක්‍ෂක වළල්ලත් නැති බවද දැනගන්නට ලැබිණි. කර්මාන්ත අමාත්‍යාංශයෙන් පරිත්‍යාග කෙරුණු යන්ත්‍රයටද ඉසිඹු (විවේක හෝ විශ්‍රාම හෝ) ලැබී ඇත්තේලු.
කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයේ ගිණුම් ආරංචිවලින් පැවසුණේ එම යන්ත්‍රයක් රුපියල් විසිපන් ලක්‍ෂයකට (25,00,000) වැඩි වටිනාකමකින් යුතු බවයි. එතුමාට කාලි අම්මාගේ හෝ විමල් තාත්තාගේ හෝ වරමින් ඒ යන්ත්‍ර ලැබුණත් වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ නම් එදා වේල සොයාගන්නට වෙහෙසෙන සාමාන්‍ය මිනිසාට බව කිව යුතුය.
“අනේ සකෝ බල ලෝ”යි කියන්න් මේවාටය.
තවත් එකක් කිව යුතුය. ඒ කෑගල්ලේ මගේ මිතුරකු පැණිය ගැන කී කතාවකි. මගේ මිතුරාගේ මිතුරකු ජර්මනියේ සිටින බවත් ඔහු ඒ දවස්වල පැණි බෝතලයක් රුපියල් පනස් දහසකට (50,000) මිලට ගත් බවත් කීය.
චන්ද්‍රසේන මාරසිංහ










