• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෝජන කරන්න චීනය සූදානම්

October 9, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
ආයෝජන කරන්න චීනය සූදානම්
Share on WhatsAppShare on Facebook

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වූහ.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා  – චීන සහයෝගිතාවය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හමුව පැවැත්විණි.

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා ඇතුළු දූත පිරිස, පිළිගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ගැන ඉතා සතුටුයි. මම හිතනවා ඔබ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉතා හොඳ සාකච්ඡාවකට එක්වන්නට ඇති කියා. අප සෑම විටම දෙරට අතර සමීප සහයෝගීතාවය ඉදිරියට පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වනවා”  යැයි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය,

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සංචාරය තුළින් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට හා චීනයට හැකිවීම ගැන මම සතුටු වෙනවා.කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නොමසුරුව සහයෝගය දැක්වීම පිළිබඳව චීන රජයට මම කෘතඥතාව පළ කරනවා.

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා පරිත්‍යාග කරන ලද ආරක්ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම්වලට චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි.කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව රට තුළ ඇති වූ ආර්ථික බලපෑමෙන් ගොඩ ඒමට බොහෝ දේ කළ යුතුයි.

අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේදී  ආයෝජකයින් අතර විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට චීන රජය අතර පවත්නා අපගේ දිගුකාලීන මිත්‍රත්වය භාවිතා කිරීමට හැකි වනු ඇතැයි මා  බලාපොරොත්තු වෙනවා.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරය බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන කිරීමට චීන සමාගම් දිරිමත් කිරීමට චීන රජයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යතුමා,  එය අපනයන ආදායමක් ඇති කිරීමට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මේ තත්ත්වය හමුවේ, සංචාරක ක්ෂේත්‍රයට ගෝලීය වශයෙන් දැඩි ලෙස බලපෑම් ඇති වී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට සහ ලොව පුරා සංචාරකයින් සඳහා ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවද පැවසීය.

මෙම ගෝලීය වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වර්ධනය කිරීම ඇතුළු වසංගතයෙන් මතු වන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා සාමූහික විසඳුම් සෙවීමට චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

මෙහිදී හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික  යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා ද අදහස් පළ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරන බව පැවසූ යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතිනුයේ ඵෙතිහාසික දැඩි මිත්‍රත්වයක් බව පෙන්වා දුන්නේය.

දෙරට අතර එම මිත්‍රත්වයේ බැඳීම මේ දක්වා යාවත්කාලීන වෙමින් පවතින  බව සඳහන් කළ යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා කොවිඩ් -19 වසංගත තත්ත්වය පරාජය කිරීම වෙනුවෙන් රටවල් දෙකම එකට අත්වැල් බැද කටයුතු කරමින් සිටින බව සිහිපත් කළේය.

චීනය කොවිඩ්-19 පරාජය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලෝක සෞඛ්‍ය සංවිධානයට නොමදව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව කොවිඩ්-19 තත්ත්වය ඉතා විශිෂ්ට අයුරින් පාලනය කර ඇති බවත් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා පැවසීය.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේදී ලැබූ ජයග්‍රහණ චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටද ඇති බව පෙන්වා දුන් යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා සෑම විටම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම්වලට අවශ්‍ය දිරිමත් කිරීම චීන රජය විසින්  ඇති කර තිබෙන බවට විශ්වාසය පළ කළේය.

යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමා මෙසේ ද පැවසීය.

කොළඹ වරාය නගරය ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවලට අදාළව සංවර්ධන ක්‍රියාදාමයට අපගේ දායකත්වය ශ්‍රී ලංකාවට දැනටමත් හිමිව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය දෙරට අතර සබඳතාවට ඉතා වැදගත්. කොවිඩ්-19 තත්ත්වය පාලනය වු වහාම එම සබඳතා නැවත අඛණ්ඩව පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා. චීනය ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන ආනයනය කිරීම ඉහළ දමා තිබෙනවා.

අපගේ මෙම සංචාරය ඔස්සේ දෙරට අතර සබඳතාව තවත් පුළුල් වනු ඇතැයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා හා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමා එක්ව ද්විපාර්ශවීය සබඳතා තවත් වර්ධනය කිරීම ඔස්සේ ආර්ථික සහයෝගීතාව මත දෙරටේම සංවර්ධන කටයුතු තවත් පුළුල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි යැංග් ජියේචී මැතිතුමා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, චීනයේ ශ්‍රී ලංකා තානාපති  ආචාර්ය පාලිත කොහොන මහත්ම මහත්මීන් ඇතුළු චීන දූත පිරිස එක්ව සිටියහ.

SendShareShare
Previous Post

දිගටම උදව් කරන බවට චීනයෙන් ජනපතිට සහතිකයක්

Next Post

මන්ත්‍රීවරු 100කගේ අස්සනින් යුතු ලිපියක් ජනපතිට

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.