• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයුබෝවන් මහරජාණෙනි..! සමාවෙන්න මහජනතාවනි…!

April 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ආයුබෝවන් මහරජාණෙනි..! සමාවෙන්න මහජනතාවනි…!
Share on WhatsAppShare on Facebook

ආයුබෝවන් මහරජාණෙනි ගීතය ගැයූ සහේලි ගමගේ ජනතාවගෙන් සමාව ඉල්ලමින් ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

එය මෙසේය.

ආයුබෝවේවා’ ගීතය ගැන ඔබ නොදන්නා කෙටි සටහනක් තැබීමට සුදුසුම අවස්ථාව දැන් බව මට හැඟේ.

තිස් අවුරුදු යුද්ධයෙන් හෙම්බත්ව පීඩිතව තිබූ අප රට එයින් මුදාගැනීම නිසා උද්දාමයට පත්වූ සුව හසක් ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම ගීතයකින් එළිදැක්වීමේ උතුම් අරමුණට මගේ හඬ දායක කිරීම රට වෙනුවෙන් කළහැකි යුතුකමක් ලෙස මා සැලකුවෙමි. මෙම ගීතය කිසිදු දේශපාලන පක්ශයක මදිහත්වීමකින් තොරව, මා සහ මාගේ දෙමාපියන්ගේ අදහසකින්, ස්ව මූල්‍යමය දායකත්වයෙන් කිසිදු ප්‍රතිලාභයක් නොපතා නිර්මල චේතනාවකින් නිර්මාණය කරන ලද්දකි. මේ ගීතය නිසා එවකට යොවුන් තරුණියක් ලෙස මා ලද උපහාස, අපහාස නිමක් නැත.

අදටත් එය එසේමයි. මාගේ මාතෘභූමියට මා අසීමිත ලෙස ආදරය කළත්, අද මා විදේශ ගතව ජීවත් වන්නේත්, මගේ රට වෙනුවෙන් ගායිකවක් සහ වෛද්‍යවරියක් ලෙස කළහැකි කලයුතු මෙහෙවර බොහෝ දුරකට මගෙන් අත් හැරුණෙත්, මේ ගීතය නිසයි. එය අදටත් මට දරාගත නොහැකි වේදනාවක්. තවද බොහොමයක් ඔබ දන්නා ‘ආයුබෝවේවා’ ගීතයට සමගාමීව, මා විසින් කුරිරු යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සමරමින් ‘සත්‍යය ඔබයි’ ගීතය එලිදැක්වුවද, නොසිතූ ලෙස ‘ආයුබොවේවා’ ගීතය එය අභිබවා ජනගත වීම, මා දේශපලන ගැත්තෙකු සේ හංවඩු ගැසීමට හේතුවක් වුණ බව මාගේ අදහසයි.

කෙසේ වෙතත්, ‘අයුබෝවේවා’ ගීතය වෙනුවෙන් සියලුම මුදල් Mobitel සහ Dialog ‘RingIN Tone’ ඔස්සේ ලැබුනු අතර, එම සියලුම මුදල් යුද්ධයෙන් ආබාදිතවූ වීරෝධාර රණවිරුවන් උදෙසා ඉදිකෙරුණු අභිමංසල ව්‍යාපෘතියටත්, රණවිරු නිවාස ඉදිකිරීමටත්, අනෙකුත් විවිධ රණවිරු සුභසාධක කටයුතු සහ පිළිකා රෝගීන්ගේ සුභසාධනය සඳහාත් යෙදවීමට මට භාග්‍යය ලැබුණා.

අවසානයේ මාහට ඉතිරි වූයේ එම පරිත්‍යාගශීලී සතුට පමණයි.අද වනවිට අපේ මාතෘ භූමිය පත්වී ඇති අවාසනාවන්ත තත්වයට මා ගැයූ ‘ආයුබෝවේවා’ ගීතය කිසියම් අයුරකින් හෝ හේතුසාධකයක් වූවානම් මම මාගේ රට වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. එපමණක් නොව, මෙය හුදෙක් කාලාණුරූපිතව ගැයූ ගීතයක් පමනක් වන අතර මෙම ගීතය ගායනා කිරීම පිලිබඳ මා තුල ඇත්තේ ඉමහත් පසුතැවීමකි.

මා දිවයිනෙන් බැහැරව සිටියත් ශ්‍රී ලාංකික ඔබ සැමගේ මෙම අභීත ජන අරගලයට මා ඉතිසිතින්ම දායක වෙමි. අදත් හෙටත් මාගේ මාතෘ භූමියේ අභිවෘද්ධිය සඳහා කරන ඕනෑම ජන අරගලයකට මා නොබියව දායක වෙමි.

මාගේ මාතෘ භූමිය දිනේවා!

ඔබ සැමට ජයෙන් ජයම වේවා!

ලැබුවාවූ මෙම අලුත් අවුරුද්ද ඔබ හැමගේම සිතුම් පැතුම් ඉටුවන, සතුටින් පිරි වාසනාවන්ත යුගයක ඇරඹුමම වේවා!

– සහේළී ගමගේ

SendShareShare
Previous Post

විහිලු කරන්න එපා! මම මේ කියන්නේ ඇත්තක්! බන්දු සමරසිංහව ඉතාලියේ මිලානෝවල කොන්සල් ජෙනරාල් කරලා! මේවා විහිලු කියලා හිතන්න එපා!

Next Post

රාජපක්ෂලාත් එක්කම සිටි රවීන්ද්‍රටත් රාජපක්ෂලා එපා වෙයි!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.