කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව සෞඛ්‍ය ආමාත්‍යාංශය පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොවිඩ් -19 ආසාදිතව මියයන සියලු පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනය පමණක් සිදුකරන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.










