අද ආණ්ඩුව පිහිටුවීමට සහාය දුන් සියලු දෙනා අමතක කර ගමනත් යාම ආරම්භ කර ඇති බවත්, දෙපත් නයින්ගෙන් ප්‍රවේශම් වීමට ආණ්ඩුව දැනගත යුතු බවත් පැවිදි හඩ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.
20 ගෙන එනවා නොඑනවා නම් වඩා හොද බවත්, 20 ගෙන එන්නේ නම් සංශෝධන ඊට ඉදිරිපත් කළ යුතු බවත් උන්වහන්සේ කීහ.
මීට අමතරව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කළේ ආණ්ඩුවට 20 ගෙන ඒම සදහා ඇති තදියම අනුමත කළ නොහැකි බවය.










