කල් දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා බව පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
මේ වන විට සියලුම පළාත් සභාවන්හි නිල කාලය අවසන් වී ඇති අතර ඒවායෙහි පාලනය පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.
සියලුම පළාත් සභාවන්හි නිල කාලයද අවසන් වී වසරකට අධික කාලයක් ගත වී අවසන් ය.
නමුත් පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ පනත් සංශෝධනයක් නිසා මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවක් පැවතුණි.
මැතිවරණයට අදාළ සීමා නිර්ණය කටයුතු සිදු කිරීමට කමිටුවකට බාර දී තිබූ අතර එය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත නොවීම නිසා මෙම ගැටලුව මතු විය.
මෙම කාරණය හේතුවෙන් දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් ගිය අතර අමාත්‍යවරයා පවසන්නේ අදාළ ගැටලු විසඳා ඉක්මනින් මැතිවරණය පවත්වන බවයි.