• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගහපු බොරුවක් ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ‌පෙන්වා දෙයි! VIDEO

March 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
දවසින් දවස රැස්වෙනවා! කතා පවත්වනවා! රට අන්දවනවා! ගිවිසුම් ගහනවා! ගිවිසුම් හංගනවා! රට අයාලේ යනවා! විසිරී යනවා! ආණ්ඩුවේ ‘අලුත් ලිච්ඡවී ප්‍රතිපත්තිය’ සජිත් පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රජය ජනතාව මත විශාල බදු මුදල් පැනවුවත් සිගරට් සමාගම් මත පනවා ඇත්තේ ඉතා සුළු බදු ප්‍රමාණයක් බවත් මේ හේතුවෙන් අයවැය තුළින් සිගරට් බදුවලින් ලබා ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණවත්ව නොලැබී යන අවස්ථාවක රජය ඒ සම්බන්ධ විශේෂ ප්‍රකාශ කරමින් ජනතාව රවට්ටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊ (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පෙරේදා පාර්ලිමේන්තුවේ දී සිගරට් සමාගම් සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශයක් වැරදියට අර්ථකථනය කරමින් රජය විසින් සිදු කරනු ලැබූ විශේෂ ප්‍රකාශයකට අදාළව පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකා දුම්කොළ සමාගම සතුව මෙරට සිගරට් විකිණීමේ ඒකාධිකාරියක් ඇති බවත් ඔවුන්ට ඕනෑම අවස්ථාවක මිල තීරණය කළ හැකි බවත් ය. එසේම ශ්‍රී ලංකා රජය 1989 අංක 13 දරණ විශේෂ පනතේ 3 වැනි කොටස යටතේ මෙහි බදු ගැන තීරණය කළත් මේ වන විට සැබෑ ලෙස අයවිය යුතු බද්ද අය නොවන බවත් පැවසීය.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර ඇත්තේ සිගරට්වලට උද්ධමනය අභිබවා ගිය බද්දක් හෙවත් එක් සිගරටුවක් සඳහා බද්ද සියයට 75ක් විය යුතු වුවත් දැනට සිගරට් එකකට ගහන්නේ සියයට 69ක බද්ධක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ හේතුවෙන් 2023 අයවැය ඇස්තමේන්තුවෙන් සිගරට් බදු අය කිරීමෙන් රජය අපේක්ෂා කරන රුපියල් බිලියන 137ක මුදල ලබා ගත නොහැකි බවත් පවතින බදු ප්‍රතිශතය අනුව ලබා ගත හැක්කේ රුපියල් බිලියන 92ක බදු ආදායමක් බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.

එබැවින් මෙම බිලියන 137ක ආදායම ලබා ගන්න නම් මෙම බද්ද සියයට 147කින් වැඩි විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙහි දී සිදු වන්නේ 2021 සිදු කළ සියයට 50ක බදු අඩු කිරීම පමණක් නිවැරදි වීම බව යි.

මෙවැනි තත්ත්වයක් තිබිය දී රජය විශේෂ ප්‍රකාශයක් කර ජනතාව රවට්ටන බවත් පූර්ණ උද්ධමනය සහ ආහාර උද්ධමනය වැඩි වී ඇති අවස්ථාවක සිගරට් මත නිවැරදි බදු අය නොකිරීම නිසා රුපියල් බිලියන 45ක් පමණ අහිමි වී ඇති බවත් මෙම සිගරට් බදු නිවැරදිව ගැසුවහොත් උපයන විට සිදු කරන බදු අඩු කිරීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් රජය මේ සිදු කරන්නේ දුම්කොළ සමාගම්වලට ලාභයක් ලබා දීම බවත් මේ ආකාරයෙන් සිගරට් බදු ආදායම අඩු කිරිමට අදාළ හේතු සහ ඒ සදහා වගකිව යුතු පාර්ශ්වයන් කවරේද යන්න ප්‍රකාශ කරන ලෙස රජයට කියා සිටින බවත් මෙහි වගකීම රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැවරීමට සූදානම් ද කියා අසන බවත් විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.

තව ද පාර්ලිමේන්තුවට බොරු සංඛ්‍යාලේඛන එවා පාර්ලිමේන්තුව නොමග යැවීමට රජය කටයුතු කළත් තමා ඉදිරිපත් කරන සියලු දත්ත සහ තොරතුරුවලට විපක්ෂ නායකවරයා ලෙස තමා වගකියන බව ද පැවසීය.

SendShareShare
Previous Post

ගිය සැප්තැම්බරයේදී ලන්ඩනයේදී ‘අලිරාජා’ හමුවුණු ‘ප්‍රබල උපදේශක’ සහ ‘බලවත් කාන්තාව’ කව්ද? කතා කළේ ‘ලංකා හොස්පිට්ල්’ ඩීල් එක ගැනද? EXCLUSIVE

Next Post

බැසිල් කාටවත් නොකියා තනිවම ගිහින් රනිල් හමුවෙලා! ඇමැතිකම් ගැනත් කතා කරලා! එයාලට බැරිනම් මෙයාලට දෙන්න කියලා රනිල්ගෙන් ඉල්ලලා! EXCLUSIVE

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.