2023 මාර්තු මස 15 වන බදාදා දියත් කිරීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා නියුක්තිකයින් ද එක්වන බව දැනුම් දී සිටී.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුවේ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ ඒ අනුව, හෙට (15) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය කාර්යයාල මගින් මහජනතාව වෙත සපයන සේවා අඩාල විය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් මහ බැංකු වෘත්තීය සමිති එකමුතුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
මහජනතාව වෙත කෙරෙන කාරුණික නිවේදනයයි!
රජය විසින් ක්‍රියාත්මක කරන ජනපීඩක බදු ප්‍රතිපත්තියට එරෙහි ව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් 2023 මාර්තු මස 15 වන බදාදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා නියුක්තිකයින් ද මේ සඳහා සහභාගි වනු ඇත.
ඒ අනුව, එදින ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය කාර්යයාල මගින් මහජනතාව වෙත සපයන සේවා අඩාල විය හැකි බව දන්වා සිටිමු.
මෙයින් ඔබට සිදු වන අපහසුතාව පිළිබඳ ව අපගේ බලවත් කණගාටුව!
මහ බැංකුවේ වෘත්තීය සමිති එකතුමුව