• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඇයි බයිඩන්ට බය… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 7, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව ඇයි බයිඩන්ට බය… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ආණ්ඩුව ඇයි බයිඩන්ට බය…’

මේ ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවුණු නිවුස් දැකල ටොයියෝ නොහොත් රාජපක්‍ෂ විරෝධීන් අහන ප්‍රශ්නයක්ය.
රාජපක්‍ෂවාදී සමාජ මාධ්‍යවල වැඩියෙන්ම පළවෙන්නේ ට්‍රම්ප් දිනන නිවුස්ය.
‘ට්‍රම්ප් දින්නොත් අපිට හොඳයි’
රාජපක්ෂවරුන්ගේ සිට රාජපක්ෂවාදීන්ද හිතන්නේ එහෙමය. හැබැයි මේ ලිපිය ලියන මොහොත වන විටත් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වී නොතිබුණාට මේ වන විට ධවල මන්දිරයට ළංවී සිටින්නේ ජෝ බයිඩන්ය.
‘ඇයි බයිඩන්ට රාජපක්ෂලා බය’
ට්‍රම්ප්ට වඩා බයිඩන් රාජපක්‍ෂ ආණ්ඩුවට භයානක වන්නේ රාජපක්‍ෂලා බලයේ සිටියදී රාජපක්‍ෂවරු සමඟ ගනුදෙනු කළ ප්‍රධාන චරිත කිහිපයක්ම බයිඩන්ගේ ආණ්ඩුවේ ප්‍රධාන චරිත රඟපෑමට නියමිත නිසාය. මොවුන් 2015ට පෙර මහින්දගේ ආණ්ඩුව සමඟ මානව හිමිකම් සම්බන්ධයෙන්, චීනය සම්බන්ධයෙන් හැප්පුණු අයය. මහින්දගේ ආණ්ඩුව ඔවුන් මානව හිමිකම් සහ චීනය සම්බන්ධයෙන් කළ තර්ජන ගණන් නොගැනීම නිසා මහින්දගේ ආණ්ඩුව ගෙදර යවන්න ඔවුහු වැඬේ කළහ. එවකට ඔබාමාගේ උපදේශිකාවක වූ පසු කලක එ.ජා. සංවිධානයේ ඇමෙරිකානු නියෝජිතවරියක වූ සමන්තා පවර් මේ අතරින් ප්‍රධාන චරිතයකි. ඒ වගේම ඔබාමාගේ ආණ්ඩුවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිත සුසන් රයිස් ද එවැනිම ප්‍රධාන චරිතයකි.
විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ බයිඩන් දින්නොත් සුසන් රයිස් හෝ සමන්තා පවර් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය. ඔවුන් රාජ්‍ය ලේකම් ධුරවලට පත්නොවුණත් බයිඩන්ගේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති තීරණය කරනු ලබන තනතුරුවලට පත්වීමට වැඩි ඉඩකඩක් තිබේ. බයිඩන් යනු ඔබාමාගේ උප ජනාධිපති නිසා බයිඩන්ගේ ආණ්ඩුවෙන් නිරූපණය වන්නේ ඔබාමාගේ ආණ්ඩුවේ ප්‍රතිරූපයමය. ඔබාමාගේ ආණ්ඩුව කියන්නේ 2015 වන විටත් තව දශක ගණනාවකට පෙරළන්න බැහැ කී රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යවපු ආණ්ඩුවය. ඔබාමාගේ ආණ්ඩුවේ දකුණු ආසියානු ප්‍රතිපත්ති මෙහෙයවන්නන් රාජපක්‍ෂලා කවුද, කින්ද, මන්ද ඔවුන්ගේ උපායන්, ගේම් ප්ලෑන් හොඳින් හඳුනයි. ඔවුන් රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැව්වේ රාජපක්‍ෂලාව හොඳට අධ්‍යයනය කරලාය.
ඉතින් බයිඩන්ගේ ආණ්ඩුවට අලුතෙන් රාජපක්‍ෂලා ගැන හොයන්න දෙයක් නැත. රාජපක්‍ෂලා මෙය දනී. මේ නිසා ඔවුන් බයිඩන්ට වඩා ට්‍රම්ප්ට කැමැති වීමට හේතු තිබේ. අනෙක් අතට වත්මන් ජනාධිපති ගෝඨාභය එකල ආරක්‍ෂක ලේකම් ලෙස ඇමෙරිකාව සමඟ ආරක්‍ෂක ගිවිසුම් ගැහුවේත් ඔබාමාගේ ආණ්ඩුව සමඟ නොව බුෂ්ගේ රිපබ්ලිකන් ආණ්ඩුව සමඟය. 2009 බලයට ආ ඔබාමාගේ ආණ්ඩුව එම ආරක්‍ෂක ගිවිසුම්වලින් වාසි ගත්තත් චීනය සහ මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්නවලදී මහින්දගේ ආණ්ඩුවට වේවැල පෙන්නන්න අදිමදි කළේ නැත. අනෙක ට්‍රම්ප්ගේ ආණ්ඩුවට වඩා ඔබාමාගේ ආණ්ඩුවේ දකුණු ආසියානු ප්‍රතිපත්තිය මෙහෙයවන චරිතවලට දමිළ ඩයස්පෝරාව සමඟ තිබුණු සම්බන්ධතා වැඩිය. බයිඩන් දින්නොත් යළි මේ සබඳතා කරළියට එනු ඇත.
අනෙක බයිඩන්ගේ උප ජනාධිපති කමලා හැරිස් ඉන්දියාවේ තමිල්නාඩුවට නෑකම් කියන්නියකි. ඇයගේ මව දමිළ කාන්තාවකි. මේ නිසා ලංකාව සම්බන්ධ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී දමිළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි බයිඩන්ගේ ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ තිබේ.
කමලාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී රෝහිනීගේ දෙමවුපියන් 1983 කළු ජූලියට පසු ලංකාව හැරදමා ගිය යාපනයේ පදිංචිකරුවන්ය.
2015ට පෙර රාජපක්‍ෂවරු හිතුවේ ඔබාමාගේ ආණ්ඩුව සමඟ ගැටිලා ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද දිනාගන්න පුළුවන් කියාය. ඔබාමාගේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කරගනිද්දී රාජපක්‍ෂලා බය නොවුණේ මෙම යෝජනා සිංහල බෞද්ධ ඡන්ද මවන මැෂිමක් කියාය. අනෙක ඔවුන් හිතුවේ ඔබාමාගේ ආණ්ඩුවට ලංකාවේ කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ කියාය. ඒත් 2015 ජනාධිපතිවරණ පරාජයට පසුව තමන්ව පරාජය කළේ ඇමෙරිකානු ඔත්තු සේවා යැයි ප්‍රසිද්ධියේ කියන්න රාජපක්‍ෂලාට සිදුවිය. 2016 ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය වූ විට රාජපක්‍ෂවරු ආශ්වාදයක් ලැබූහ.
ඒත් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට යූ.ඇන්.පී.ය සමඟ සමීප සබඳතා තිබුණි. එය ඓතිහාසික සම්බන්ධයකි. මේ නිසා ට්‍රම්ප්ගේ ආණ්ඩුව රනිල්ගේ යූ.ඇන්.පී. ආණ්ඩුව සමඟ සමීපව වැඩ කළේය. 2018 මෛත්‍රි – රනිල්ව ඉවත් කොට මහින්දව අගමැති කළ විට ඇමෙරිකාව එම කුමන්ත්‍රණය හෙළා දුටුවේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂයත්, යූ.ඇන්.පී.යත් සමඟ පවතින ඓතිහාසික සම්බන්ධය නිසාය. 2018 මෛත්‍රිගේ කුමන්ත්‍රණය පරාජය කරන්න මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය තිරය පිටුපස කාර්යභාරයක් ඉටුකළ බව දන්නෝ දනිති.
2002 රනිල්ගේ ආණ්ඩුව බලයට ආ පසු 2009 එවකට ජනාධිපති චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති ධුර පවරා ගත් විටදීද ඇමෙරිකාවේ හිටියේ රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකි. එවකට ඇමෙරිකාවේ ජනාධිපති වූ බුෂ් චන්ද්‍රිකාගේ ක්‍රියාමාර්ගය අනුමත කළේ නැත. 2005 ජනාධිපතිවරණයේදී උතුරේ ප්‍රභාකරන්ගේ ඡන්ද වර්ජනය නවත්වන්න එවකට මෙරට ඇමෙරිකානු තානාපති විශාල උත්සාහයක් ගත්තේ 2005 ජනාධිපතිවරණයෙන් යූ.ඇන්.පී.ය දිනනවා දකින්න කැමැති වූ නිසාය. නමුත් මහින්ද දින්නේය. ප්‍රභාකරන් තමන්ගේ ඉල්ලීම ඉවත දැමූ නිසා ඇමෙරිකාව මහින්දගේ ආණ්ඩුවේ එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමේ යුද්ධයට සහාය දැක්වීය. එවකට ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය බුෂ්ගේ රිපබ්ලිකන් ආණ්ඩුව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත්තේ යුද්ධයේදී බුෂ්ගේ ආණ්ඩුව දුන් සහාය හරහාය. ඇමෙරිකාව ගෝඨාභය සමඟ ආරක්‍ෂක ගිවිසුම් ගහන්නේත් යුද්ධයේදී ගොඩනඟාගත් සමීප සබඳතාවය හරහාය. එහෙත් 2009 ඔබාමාගේ ජයග්‍රහණයත් සමඟ ඒ සියල්ල වෙනස් විය.
2016 යළි රිපබ්ලිකන් අපේක්‍ෂක ට්‍රම්ප් ජයගත් පසු විපක්‍ෂයේ සිටි ගෝඨාභය ට්‍රම්ප්ගේ ආණ්ඩුව සමඟ තමා ආරක්‍ෂක ලේකම් කාලයේ පවත්වාගෙන ගිය රිපබ්ලිකන් සබඳතා වර්ධනය කරගන්න උත්සාහ කළේය. ඔහුගේ පුරවැසි ප්‍රශ්නය විසඳුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. 2019 ගෝඨාභය ජනාධිපතිවරණයට තරග කරන විට රිපබ්ලිකන් පක්‍ෂය බලයේ සිටීම ලොකු වාසියක් විය.
‘ඒ කියන්නේ රාජපක්‍ෂ විරෝධී සමඟි ජනබලවේගයට යළි බලය ගන්න බයිඩන් දින්නොත් හොඳ වෙයිද..?’
කියන්න දන්නේ නැත. 2015 ඔබාමා ජනාධිපති ධුරයේ ඉන්න කොට රාජපක්‍ෂලා පරාජය විය. 2016 ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්‍ෂය පරාජය වී රිපබ්ලිකන් ට්‍රම්ප් දිනන විට රාජපක්‍ෂලා චූන් විය. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ඉන්න විට රාජපක්‍ෂලා යළි ජයගෙන යූ.ඇන්.පී.ය පරාජයට පත් විය. දැන් යළි ඩිමොක්‍රටික් බයිඩන් දින්නොත් යූ.ඇන්.පී.ය වෙනුවට අද ප්‍රධාන විපක්‍ෂය නියෝජනය කරන සමඟි ජනබලවේගය චූන් වීම පුදුම වෙන්න දෙයක් නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

30 වන කොරෝනා මරණය අවුරුදු 23ක කොල්ලෙක්

Next Post

විපක්ෂයේ බැසිල් භීතිකාව (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.