මේ වනවිට ආණ්ඩුව ඇතුළේ අලුත් නායකත්වයක් නිරිමාණය වෙමින් පවතින බව වාර්තා වේ.
මේ වනවිටත් මෙම නායකත්වය සමග ආණ්ඩුව ඇතුළේ සිටින විවිධ පාර්ශ්ව ගණනාවක් සාකච්ජා පවත්වා ඇති බවත්, තීීරණාත්මක අවස්ථාවකදී මෙම නව නායකත්වය වටා ගොනුවීමට එම පිරිස සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.
පසුගිය දිනෙක හිරු රූපවාහිනී වැඩසටහනකට පැමිණි විමල් වීරවංශ මහතාද මේ බව පළමු වතාවට හෙළිදරව් කරමින් කියා සිටියේ මින් ඉදිරියට ප්‍රභූ පැලැන්තියේ අයකු රටේ නායකයා වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, එසේ නොවන නව නායකයකු ආණ්ඩුව ඇතුළේ සිටින බවත්ය.
හරි වේලාවට එම නායකත්වය එළියට ගෙන ඒමට සූදානම් බවද වීරවංශ මහතා කියා සිටියේය.