ආණ්ඩුව ඇතුළේ ඇමැති තනතුරක සිටිමින් ජනාධිපති ඇඳුුම ඇඳීම සදහා යම් යම් පුද්ගලයන් සිහින දකිමින් සිටින බවත්, එසේ සිහින දකින පුද්ගලයන් ඇමැති තනතුරු අතහැර ආණ්ඩුවෙන් එළියට ගොස් එම සිහින දකින ලෙස වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ මෙය දේශපාලන රෝගයක් බවකි.
සියලු දෙනාම සාමූහික වගකීමකින් කටයුතු කළ යුතු බවත්, එසේ නොහැකි නම් ඇමැතිකම අතහැර ආණ්ඩුවෙන් එළියට යා යුතු බවත් අමාත්‍යවරයා කීය.










