.රට මුහුණ දී තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුධයෙන් ගොඩ ඒම සදහා තමන්වහන්සේලා විසින් මුල් අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක නොකර, පක්ෂ දේශපාලනයේ නිරත වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර මහනායක හිමිවරු විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
නැවත වරක්, සියළු පක්ෂවල සහභාගීත්වයෙන් යුතු සර්ව පාක්ෂික රජයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම මහනායකවරු අවධාරණය කර තිබේ.
එමෙන්ම, සර්ව පාක්ෂික රජයේ ප්‍රධානත්වය සදහා දැනට සිටින පක්ෂ නායකයෙකු සුදුසු නොවන්නේ නම්, රටත් ලෝකයත් පිළිගන්නා පුද්ගලයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහු හෝ ඇය නායකත්වයට පත් කළ යුතු බවද මහනායක හිමිවරු අවධාරණය කරති.
සර්වපාක්ෂික රජය මාස හයකට පමණක් සීමා විය යුතු බව පවසන මහනායක හිමිවරු අවශ්‍යතාවය සහ සියල්ලන්ගේ එකඟතාවය මත එම කාලය දීර්ඝ කර ගත හැකි බවද පවසයි.
එමෙන්ම සර්ව පාක්ෂික රජයේ කැබිනට් මණ්ඩලය පහළොස් දෙනෙකුගෙන් සමන්විත යුතුව ඇති බව පවසන මහනාහිමිවරු, දූෂණ චෝදනා ඇති කිසිවකු එම අමාත්‍ය මණ්ඩලය තුළ නොසිටිය යුතුව ඇති බව ද අවධාරණය කරයි.










