ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (21) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම, ඊට අවශ්‍ය කරන ක්‍රමෝපායික සහ මූලෝපායික සහයෝගය ලබාගැනීම යනාදී කරුණු සම්බන්ධව විපක්ෂ නායකතුමා මෙහිදී ඇය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
සිංගර් මහත්මිය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 27 ක් සේවය කර ඇති අතර දකුණු ආසියාව ඇතුළු විවිධ කලාපවල මානුෂීය ආධාර ක්ෂේත‍්‍රයට අදාළව වසර 15 කට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් ලැබූ රාජ්‍යතාන්ත‍්‍රිකාවකි.










