තමාව පක්ෂ තනතුරුවලින් ඉවත්කිරීම වළක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය.