තමන් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉදිරියේදී ආණ්ඩුවට එක්වන බවට ඇතැම් වෙබ් අඩවි පළ කොට ඇති පුවත් සම්බන්දයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශයක් නිකුත් කොට ඇත.
එහිදී තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙන්නේ කුලියට සහ මුදලට ලියන පිරිසක් සමග එක්ව තම පක්ෂයේම විවිධ පිරිස් විසින් මෙවැනි පුවත් පළ කරන බවත්, ඒවා සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවත් බවත් පෙන්වා දෙයි.
ඉදිරියේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව අලුත් ආණ්ඩුවක් බිහිකරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.