බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද (20) කොළඹ ස්ථාන රැසකදී වෘත්තිකයන් රැසක් විරෝධතාවක නිරතව සිටිති.
මුදල් අමාත්‍යංශ්‍ය ඉදිරිපිටට රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රමුඛ වෘත්තිකයන් හේතුවෙන් ලෝටස් මාර්ගය ද පැය කිහිපයක් වසා දැමිණ.
අද දහවල් නෙළුම් පොකුණ ඉදිරිපිටට රැස්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන විරෝධතාවට පොලිසියෙන් බාධා එල්ල විය.
පසුව එම පිරිස බස් රථවල නැගී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණි අතර එහිදීද විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
මේ වන විට විරෝධතාකරුවන්ගෙන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිටත් , තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිපිට විරෝධතා සඳහා වෙන් කළ ස්ථානයේත් රැඳී සිටින අතර තවත් පිරිසක් ලොටස් මාර්ගයට පිවිසුම් දොරටුව සමීපයේ රැඳී සිටින බව අප වාර්තාකරුවෝ පවසති.










