• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආචාර්ය-මහාචාර්ය-උපාධිධාරී-O/L-A/L-මොනවත් නැති: රට හදන්න ආ අයගේ කෙරුවාව මෙන්න

April 6, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ආචාර්ය-මහාචාර්ය-උපාධිධාරී-O/L-A/L-මොනවත් නැති: රට හදන්න ආ අයගේ කෙරුවාව මෙන්න
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනය යනු වර්තමානයේදී සැමදෙනාගේම මූලික අයිතිවාසිකමකි. තම දුවා දරුවනට උසස් අධ්‍යාපනයක් ලබා දීම සෑම දෙනාගේම බලාපොරොත්තුව වී ඇත්තේ එය ඔවුනගේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත්ව ඇති නිසාය. කෙසේ නමුත් මේ කාරණාව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි බලපාන්නේ කොයි ආකාරයෙන්ද යන්න පසුගිය කාලය පුරාම සමාජයේ කතාබහට ලක් වූ මාතෘකාවක් විය. ඒ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය සාමාන්‍ය පෙළ පවා අසමත් බවට පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශයට පත් වීමත් සමඟය.

එකිනෙකාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ වාද විවාද බොහොමයක් පසුගිය කාලය තුළදී මන්ත්‍රීවරුන් අතරද ඇති විය. එම සංවාද හේතුවෙන් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සභාගත කිරීමට ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කරන ආකාරයද දැක ගත හැකි විය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීම පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි යනුවෙන් පසුගිය සතියේ පළ වූ පුවත බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේ මෙවැනි පසුබිමකය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රටේ බොහෝ දේ පිළිබඳව දැන ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබියදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ දැන ගැනීමේ අයිතියක් ජනතාවට නැත්තේ මන්දැයි යන්න සාකච්ඡාවට බඳුන් වී ඇති ආකාරයද දැක ගත හැකි විය.

පාර්ලිමේන්තුව විසින් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් වගකිව යුත්තේ පාර්ලිමේන්තු මහලේකම්වරයාය. එම තීරණය පිළිබඳ කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සම්බන්ධ කර ගැනීමට අප තීරණය කළේ ඒ නිසාය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේ තමන් සතුව නැති තොරතුරු ලබා දීමේ හැකියාවක් නැති නිසා එම තීරණයට එළැඹුණු බවය.

“අපි කිසිම මන්ත්‍රීවරයෙකුගෙන් අධ්‍යාපන සුදුසුකම් ඉල්ලන්නේ නැහැ. මන්ත්‍රීවරු පත්වීමේදී පුරවන තොරතුරු ලේඛනයේ අධ්‍යාපන සුදුසුකම් අහලා තිබුණත් ඒක පිරවීම අනිවාර්ය නැහැ. ඇතැම් මන්ත්‍රීවරු ඒ ලේඛනය පුරවන්නෙත් නැහැ. ඒ හින්දා අපි ඉල්ලන්නේ නැති දෙයක් කොහොමද අපි දෙන්නේ කියන එකයි ප්‍රශ්නය. ඒ විස්තර අපි ළඟ නැහැ. ඒවා අපි ඉල්ලන්නෙත් නැහැ. ඉතිං තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එහෙම තොරතුරු අපි කොහොමද දෙන්නේ. ඒ හින්දයි අපි ඒක ප්‍රතික්ෂේක කළේ.” එලෙස පැවසූ පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එය නීතියක් හරහා සම්ම්ත වුවහොත් පමණක් ඒ ආකාරයෙන් තොරතුරු ලබා දීම සිදු කළ හැකි බවය.

“මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ලබා දීම අනිවාර්යයි කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒ හින්දා එහෙම අවශ්‍ය නම් ඒක කරන්න වෙන්නේ ව්‍යස්ථා සංශෝධනයකින් පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමේදී අධ්‍යාපන සුදුසුකම් ලබාදීම අනිවාර්යයි කියලා නීතියක් සම්මත වුණොත් අපිටත් පුළුවන් ඒ තොරතුරු ජනතාවට ලබා දෙන්න. එහෙම නැතිව මේ තියෙන නීතිමය තත්ත්වය යටතේ ඒ තොරතුරු ලබා දෙන්න අපට පුළුවන් කමක් නැහැ. මොකද අපි ළඟ ඒ තොරතුරු නැහැ.”

පාර්ලිමේන්තු මහලේකම්වරයා අදහස් දැක්වූයේ එසේය.

කෙසේ නමුත් වෙනත් ඕනෑම රැකියාවක් හෝ වෘත්තියක් සඳහා අධ්‍යාපන සුදුසුකම් ලබා දීම අනිවාර්ය වී තිබෙන පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් එය අදාළ නොවීම බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කළේ තමන්ට ලැජ්ජාවක් ඇත්නම් තම අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම මන්ත්‍රීවරුන්ගේ කටයුත්තක් වන බවය.

“ජනතාව ඉදිරියේ තම අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීමට අදිමදි කරනවා නම් එවැනි මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පිළිබඳව තීරණය කරන්න ඕනේ ජනතාවයි. නීතියෙන් ඉල්ලලා නැති වුණත් තමන්ට ලැජ්ජාවක් තියෙනවා නම් තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කරන එක මන්ත්‍රීවරුන්ගේ වැඩක්. එහෙම ලැජ්ජාවක් නැති හින්දා තමයි බොහෝ අය ඒවා ඉදිරිපත් කරන්නේ නැත්තේ.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒවා ඉදිරිපත් කළ නොහැකියි කියන එකත් ප්‍රශ්නයක්. ඒ හරහා මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගන්න වගකිව යුත්තන් කටයුතු කරනවා කියන සැකයත් ඇති වෙනවා.

මම නම් කියන්නේ පක්ෂ වශයෙන් එකතු වෙලා තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න මන්ත්‍රීවරු කටයුතු කරනවා නම් හරි. ඒකට මන්ත්‍රීවරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය යුතුයි. එතකොට එහෙම ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් මොන වගේද කියලා උපකල්පනය කරන්න ජනතාවට පුළුවන්. ඒ අය ගැන තීරණයක් ගන්නත් ජනතාවට පුළුවන්.”

උපුල් ජයසූරිය මහතා අදහස් දැක්වූයේ එසේය.

මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය දිගින් දිගටම ඇදී ආවද, ඊට පිළිතුරු ලෙස තම සුදුසුකම් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රීවරු මේ වන විටත් කටයුතු කර නොතිබීමද විශේෂත්වයකි. තොරතුරු දැන ගැනීමේ පනත හරහා අධ්‍යාපන සුදුසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම එවැනි මන්ත්‍රීවරුන්ට උඩ ගෙඩි ලබා දීමක්දැයි යන්නද ගැටලුවකි.

තමන් තෝරා ගන්නා මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව දැන ගැනීම ජනතාවගේ අයිතිවාසිකමකි. නමුත් අපේ රටේ ජනතාව තම නියෝජිතයන් තෝරා ගැනීමේදී නිර්ණායකයක් ලෙස අධ්‍යාපන සුදුසුකම් සලකා බලනවාද යන්නද වෙනම විමසා බැලිය යුතු කාරණයකි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

‘සිංහලේ’ ප්‍රමිති ආයතනයට කඩා පනී: රටට වහ කවන සමාගම්වල නම්ගම් අද එළියට

Next Post

ගෝඨා සෝවාන්ලාභියෙක්-රාජපක්ෂ මෑණියන් දේවතාවියක් කී පොහොට්ටු මන්ත්‍රීට පොහොට්ටුවෙන්ම ප්‍රහාරයක් (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.