වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට වට්ස්ඇප් පණිවිඩයක් ලැබුණහොත්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වට්ස්ඇප් පරිශීලිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුනහොත් ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
තම වට්ස්ඇප් ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා ‘Two factor authentication’ සක්‍රීය කරගන්නා ලෙස ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වට්ස්ඇප් පරිශීලකයින්ට දැනුම් දෙයි.










