• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසහනය දුරු කළ සහන මල්ල (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 16, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
අසහනය දුරු කළ සහන මල්ල (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

‘සුසිල් අයින් කරලා ආණ්ඩුව සොහොන් ලකුණු පහළ කරගත්තා…’

‘විමල්ලා එක්ක ආණ්ඩුවේ පක්‍ෂ 11ක් මේ වෙද්දි ඉන්නෙ ආණ්ඩුවත් එක්ක අවුලක. සුසිල්ව පන්නපු එකෙන් ඒ අයත් ගිහිල්ලා විමල්ලාට සෙට් වෙන එකයි වෙන්නෙ. ඒකෙන් වෙන්නෙ විමල්ලා තවත් ශක්තිමත් වෙලා ආණ්ඩුවම තවත් දුර්වල වෙන එකයි. ඉස්සරහට විමල්ලට ඕනෑ විදියට තමයි ආණ්ඩු කරන්න වෙන්නේ…’

මේ සුසිල්ව ඇමැතිකමෙන් ඉවත් කරලා එළියට දැම්මට පස්සේ ආණ්ඩුව ඇතුළේම මන්ත්‍රිවරු කරපු කතාය. මේ අය හිතුවේ ආණ්ඩුව ඇතුළේ තිබුණු දේශපාලන අර්බුදයත් එක්ක සුසිල්ව ඉවත් කරපු එකෙන් ආණ්ඩුව ඇතුළේ මල්වෙඩි සංදර්ශන දැකගන්න ලැබෙනු ඇතැයි කියාය.

‘ඇත්තටම ගෝඨා සුසිල් ඉවත් කරන්න ගත්ත තීන්දුවෙන් ශක්තිමත් වුණේ ආණ්ඩුවද, එහෙමත් නැතිනම් විමල්ගේ ‘ජී-11’ කණ්ඩායමද?

මේ ගැන හොයලා බලන්න නම් විමල්ගේ ‘ජී-11’ කණ්ඩායම සුසිල්ව ඉවත් කරන්න කලිනුත්, සුසිල්ව ඉවත් කළාට පස්සෙයි හැසිරුණු ආකාරය පිළිබඳව ටිකක් හොයලා බලන්න වුවමනාය.

ආණ්ඩුව ආරම්භයේ සිටම විමල්ලාගේ මේ ‘ජී-11’ කණ්ඩායම ආණ්ඩුවට හිසරදයක් වුවද සුසිල්ගේ සිද්ධිය වෙද්දී විමල්ලාගේ ‘ජී-11’ කණ්ඩායම තිබුණේ කොහොමත් දෙකඩවෙලාය. මුලදී විමල් – වාසු – උදය ඇතුළු මේ කණ්ඩායමේ ප්‍රබලයන් ආණ්ඩුවට තර්ජනය කරකර සිටියත් පස්සෙ පස්සේ මේ කණ්ඩායම අතරත් ගැටුම් ඇති වී තිබිණි. සාමාන්‍යයෙන් මෙම කණ්ඩායම මසකට වරක් එක් නියෝජිතයකුගේ ගෙදර මුණගැසුණත් පසුගිය මාස කිහිපය පුරා ඒ රැස්වීම් පැවැත්වී තිබුණේ නැත. මහජන සභාව නමින් ‘යුගදනවි’ ගිවිසුමට එරෙහිව රට පුරා සම්මන්ත්‍රණ පටන් ගත්තත් දෙවැනි රැස්වීමෙන් පසු එය අතරමග නැවැතිණි. ඒ රැස්වීමට ගම්මන්පිල ආවේත් නැත.

ඊළඟට ‘යුගදනවි’ ගිවිසුමට උසාවි ගිහිනුත් විමල් – වාසු – උදය එකට මාධ්‍යයට කතා කළේ නැත. අදහස් දැැක්වූයේ වෙන වෙනමය. ගෝඨා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ විමල් ඇතුළු කණ්ඩායම කැබිනට් සාමූහික වගකීම කඩමින් වැරැද්දක් කර ඇති බව ප්‍රසිද්ධියේ කියා සිටියත් විමල් ඒ ගැන වචනයක්වත් කිව්වේ නැත. ගම්මන්පිල ගෝඨාට අභියෝග කළත් වාසු – ගෝඨා ෂේප් වෙන විදිහේ කතාවක් කළේය. ඒ නිසා විමල්ලාගේ ‘ජී-11’ කණ්ඩායම සුසිල් අයින් කරන්න කලින් කොහොමත් තිබුණේ තුනට, හතරට කැඩිලා සීසීකඩ ගිහිල්ලාය.

ඉතින් සුසිල් ඉවත් කළාට පස්සෙ ඒ හයිය අරන් ආණ්ඩුවට ගහන්න විමල්ලාට කොහොමත් හයියක් තිබුණේ නැත. ඒක කොච්චරද කියනවා නම් මාධ්‍ය විමල්ගෙන් සුසිල් ගැන ඇහුවාට පස්සේ විමල් ඒකට උත්තර දුන්නේ ‘මේ ගැන කියන්න ගිහින් මටත් අවුලක් වෙයිද දන්නෙ නැහැ’ කියලා දිනේෂ්ගේ කනට කරලා රහසින් අහලාය. ඒ තරමට සුසිල්ගේ සිද්ධියෙන් විමල්ලා ඉන්නේ බයබිරාන්ත වෙලාය.

විමල්ලා මිතුරන් නොව පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය විදුරද සුසිල්ගේ සිද්ධියෙන් පසු සද්ද වහලා තමන්ගේ වැඩක් බලාගත්තේය.
ආණ්ඩුව ඇතුළේ කැරැලි ගහන මේ කැරැලිකාරයන්ගේ කටවල් වහන ආර්ට් එක ගෝඨා නොදන්නවාට බැසිල් හොඳින් දැනගෙන සිටියේය. නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දීමට එරෙහිව විමල්ලා, ආණ්ඩුවෙන් එළියට ඇවිත් ආණ්ඩුවට ගහද්දී ඔවුන්ව ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස බැසිල් ගෝඨාට කියා සිටියේ ඒකය. විමල්ලා ආණ්ඩුව හදන්න උදවු කළ නිසා ගෝඨා ඒ අවස්ථාවේ තීන්දුවක් ගත්තේ නැත.

ඊට පස්සේ 20වැනි සංශෝධනයට විරුද්ධව කතා කරද්දීත් විමල්ලාව ඉවත් කරන ලෙස බැසිල් ගෝඨාට දැනුම් දී සිටියේය. හැබැයි ගෝඨා ඒ වෙලාවෙත් නිශ්ශබ්දව සිටියේය.

‘යුගදනවි’ ගිවිසුමට එරෙහිව විමල්ලා කෑගසද්දීත් බැසිල් විමල්ලාව ආණ්ඩුවෙන් අයින් කරන ලෙස ගෝඨාට කීවේය. මොකද මෙහෙම මත 2ක් ආණ්ඩුව ඇතුළේ තියාගෙන ඉදිරියට යන්න බැරි බව බැසිල් වටහාගෙන තිබීම ඊට හේතුවය.

කැරැලිකාරයන් පන්නා දමා ආණ්ඩුවත් සමග සිටින්නේ 120ද ඒ 120ත් එක්ක තනි ආණ්ඩුවක් අරගෙන යායුතු බව බැසිල් ගෝඨාට කියා සිටියේ ඒකය.

මුලින් ගෝඨා ඒ ඇත්ත තේරුම් නොගත්තත් සුසිල්ව එළියට දමා විමල්ලාට රතු ලයිට් එක පත්තු කරන්නට දැන් ගෝඨා කටයුතු කර තිබේ.

අනෙක් අතට ගෝඨාට මේ තීන්දුව ගන්න හයිය දෙන්න බැසිල්ගේ සහන පැකේජයත් විශාල ශක්තියක් විය. මොකද බැසිල් මේ සහන පැකේජයෙන් ඉලක්ක කළේ රාජ්‍ය සේවකයනුත්, සමෘද්ධිලාභීනුත්ය. මොකද පොහොට්ටුවේ ඡන්ද බේස්එක රාජ්‍ය සේවකයන් හා සමෘද්ධිලාභීන් බව බැසිල් හොඳටම දනී. ඒ නිසා සුසිල් පන්නන්න කලින් බැසිල් රාජ්‍ය සේවකයන්ටත්, සමෘද්ධිලාභීන්ටත් සහන මල්ලක් ලබාදී ඔවුන්ගේ සහයෝගය තවදුරටත් ආණ්ඩුවට ලබාගැනීමට පියවර ගත්තේය. මොකද ඔවුන් ගැන නොසිතා සුසිල් පන්නන තීන්දුව ගතහොත් ඔවුන්ගේ විරෝධය ආණ්ඩුවට එන බව බැසිල් දැන සිටියේය.

මේ විදියටම බැසිල් කොරෝනා වසංගතය පැමිණි පළමු අවස්ථාවේදීත් ජනතාවට රුපියල් 5,000ක් ලබා දී පක්‍ෂයේ ඡන්ද පදනම ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළේ ඒ බේස්එකට වැදුණොත් ආණ්ඩුවම වැටෙන බව හොඳහැටි දැනගෙනය.

ඒ නිසා සුසිල් ඉවත් කරන්න ගත් තීන්දුවෙන් ආණ්ඩුවෙන් යන්න බලාගෙන ආණ්ඩුව විවේචනය කරමින් සිටි අයට එකවර පහර දෙකක් එල්ල විය. එක පහරක් වූයේ සුසිල්ගේ සිද්ධියෙන් සියලු දෙනාම බයබිරාන්ත වීමය. දෙවැනි පහර වූයේ ආණ්ඩුවේ ඡන්දදායකයන්ගේ සහාය මේ කැරැලිකාරයන්ට අහිමි වී යෑමය.

ඒ අතින් බලද්දී සුසිල් අයින් කරන්න ගෝඨා ගත් තීන්දුවයි, ජනතාවට සහන දෙන්න බැසිල් ගත්ත තීන්දුවයි හරියට පරාද වෙන්න ගිය කාඩ් අතක්, නොහිතපු වෙලාවක තුරුම්පුවක් දෙකක් ගහලා අනෙක් පැත්ත දින්නා වගේ වැඩක්ය. ගෝඨයි – බැසිලුයි කල්යල් බලලා ගහපු ඒ තුරුම්පු දෙකෙන් සුසිල් විතරක් නොව විමල්ලාත් නන්නත්තාරය.

ඉතින් දැන් විමල්ලා ආණ්ඩුවේ හිටියත් ආණ්ඩුව දිනුම්ය. ආණ්ඩුවෙන් ගියත් ආණ්ඩුව දිනුම්ය.

විමලසිර ජයලත්

SendShareShare
Previous Post

චීනයේ කොරෝනා ලොක්ඩවුන්වලට එරෙහිවූවන් බුරුතු පිටින් අත්අඩංගුවට

Next Post

ජනාධිපතිගේ ඇඟට ලේ උනන්න ‌ජොනී කරපු අධිවේගී කතාව මෙන්න! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.