තමා ඉලක්ක කර සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වන අසභ්‍ය සහ අසත්‍ය වීඩියෝව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
සිය නිවේදනය මගින් ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විමර්ශන පැවැත්වෙන බවත්, ඒ කෙරෙහි තමන් සම්පූර්ණ විශ්වාසය තබා ඇති බවත්ය.
එමෙන්ම තමන්ට මරණ තර්ජන ඇති බවට පළවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවද කවින්ද ජයවර්ධන මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සදහන් කොට තිබේ.











