ලෝක පූජිත ක්‍රිකඩ් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සතුව තිබූ එක් වාර්තාවක් තමන් සතු කර ගැනීමට ඉන්දීය දගපන්දු යවන ක්‍රීඩක අශ්වින් රවිචන්ද්‍රන් සමත් වී ඇත.
ඒ, වැඩිම වමත් පිතිකරුවන් ප්‍රමාණයක් දවාලූ පන්දු යවන්නා බවට පත්වෙමිනි.
ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවන ටෙස්ට් තරගයේදී ජෝස් හේසල්වුඩ්ගේ කඩුල්ල දවාලමින් අශ්වින් මෙම වාර්තාවට හිමිකම් කීිවේය.
මුරලි වමත් පිතිකරුවන් 191 දෙනෙකු දවාගෙන තිබූ අතර අශ්වින් මේ වනවිට වමත් පිතිකරුවන් 192ක් දවාගෙන මෙම වාර්තාව තමන් සතු කර ගෙන තිබේ.
තුන්වන තැන සිටින එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් වමත් පිතිකරුවන් 182ක් දවාගෙන සිටී.










