• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණු ආසියාවේ වේගවත්ම කළු අශ්වයා ‘යුපුන්’ ‘මව්රට’ට කතා කරයි EXCLUSIVE

September 12, 2020
in Exclusive, Uncategorized
Reading Time: 8 mins read
A A
දකුණු ආසියාවේ වේගවත්ම කළු අශ්වයා ‘යුපුන්’ ‘මව්රට’ට කතා කරයි EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ඔහුය. දකුණු ආසියාවේ හීසරය ඔහු යැයි අවිවාදයෙන්ම හැඳින්වුවද වරදක් නැත. ශ්‍රී ලංකා මාතාව ලෝකයා ඉදිරියේ ඔසවා තබමින් ශ්‍රී ලාංකේය නාමය යළිත් බැබළවූ ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන යුපුන් අබේකෝන්ය. 2020 සැප්තැම්බර් 08 වැනිදා ජර්මනියේ ඩෙස්සාවු හිදී පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 100 ධාවන ඉසව්වේ තත්ත්පර 10.16ක කාලයක් වාර්තා කරමින් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවා ශ්‍රී ලකාවට ආඩම්බරක් ගෙන ආවේ ඔහුය. ඔහු මේවන විට සිටින්නේ විදේශීය පුහුණුවක් ලබමිනි. ඒ සඳහා ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය පුද්ගලික අවධානය යොමු කර ඇති බවටත් යුපුන් අබේකෝන් අප සමඟ පැවසීය.

මේ යුපුන් අබේකෝන් අප සමඟ කී කතාවයි.

මොනවාද ඔබේ පවුලේ විස්තර?

මගේ අම්මා සුජීවා කොඩිකාර‍. තාත්තා නිහාල් අබේකෝන්. තාත්තා විදේශගත වෙලා ඉන්නේ. පවුලේ මට තව නංගි කෙනෙක් ඉන්නවා. එයා තවම අධ්‍යාපනය ලබනවා.

ඔබේ උපන්දිනය කවද්ද?

1994 දෙසැම්බර් 31

මොකක්ද ඔබේ පාසැල?
මම පන්නල ජාතික පාසැලේ සහ වෙන්නප්පුව ජෝශප්වාස් විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා.

කොයි කාලෙද ඔබ හමුදාවට බැඳෙන්නේ?

මම 2014 මාර්තු 24 හමුදාවට බැඳුණෙ.

ඇයි ඔබ හමුදාවට බැඳුණේ?

2013 අවුරද්දේ ඉන්දියාවේ රාංචි නුවර තිබුණු දකුණු ආසියානු තරඟාවලියට ගියපු වෙලාවේ මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා තමයි මට යුද්ධ හමුදාවට බැඳෙන්න කියන යෝජනාව කළේ. ඊට පස්සේ මම හමුදාවට කෝප්‍රල්වරයෙක් විදිහට බැඳුණා.

දැන් ඔබ කොහොද පුහුණු වීම් කරන්නේ?

මම දැනට ඉතාලියේ Fiamme Gille ක්‍රීඩා ඇකඩමියේ පුහුණුවීම් කරනවා. දැනට අවුරුදු 03ක් වෙනවා මම පුහුණුවීම් සඳහා මෙහෙට ඇවිත්.

හමුදාවෙන් ඔබේ ක්‍රීඩා දිවියට ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

හමුදාවට බැඳුණේ නැත්නම් ගොඩක් දුරට මට මේ දක්ෂතා මේ විදිහට දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. මට මේ විදිහට විදේශ රටක පුහුණුවක් ලබන්න නිඩාඩු දීලා මම ලංකාවට ආවාම මට ශාරීරීක උපදේශකවරුන් ලබා දීලා මාව බලාගන්නේ යුද්ධ හමුදාව. ඇත්තටම හමුදාව නැත්නම් ලංකාවේ මළල ක්‍රීඩාව නැහැ. ලංකාවේ මළල ක්‍රීඩාවේ අනාගතය රැඳී තියෙන්නේ සහ මළල ක්‍රිඩකයින් ආරක්ෂා කරන්නේ යුද්ධ හමුදාව.

මොනවද ඔබේ ජාත්‍යන්තර ජයග්‍රහණ?

2015 අවුරුද්දේ කොරියාවේ දී පවත්වයන ලද හත්වන ලෝක ආරක්ෂක සේවා තරඟාවලියේ දී මීටර් 100 සහය දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ කණ්ඩායමේ සාමාජිකයෙක් මම. ඒ වගේම 2019 අවුරුද්දේ නේපාලයේ දී පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 100 සහය දිවීම ඉසව්වේ සාග් වාර්තාවක් එක්ක දකුණූ ආසියානු රන් පදක්කම දිනා ගත්තු කණ්ඩායමත් මම නියෝජනය කළා.

ඒ වගේම 2014 අවුරුද්දෙ දි වයස අවුරුදු 21න් පහළ මිටර් 100 ඉසව්වේදී තත්ත්පර 10.78ක කාලයක් වාර්තා කරමින් මම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටෙව්වා. ඊට අමතරව 2017 අවුරුද්දේ ඉතාලියේ පැවති ගෘහස්ථ මළළ ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 60 ඉසව්ව තත්ත්පර 06.78 ක කාලයක් වාර්තා කරමින් මම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටෙව්වා. 2019 අවුරුද්දෙදි මම ඒ ඉසව්ව තත්ත්පර 06.73ක කාලයකින් අවසන් කරලා ඒ වාර්තාව අලුත් කළා.

ඔබ දැන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාග ඒ ජයග්‍රහණය ගැන ඔබට තිබෙන්නේ මොනවගේ හැඟිමක්?

ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මේ මගේ පුංචි කාලේ ඉඳන්ම මට තිබුණු හීනයක් සැබෑ වීමක්. මට ඇතිවූ රෝග සහ ආබාධයන් නිසා මට ඒ හීනය සැබෑ කරගන්න පරක්කු වුණා. ඇතත්ටම මේ ජයග්‍රහණය මට මිට කලින් ලබාගන්න තිබුණු ජයග්‍රහණයක්. නමුත් පියවරෙන් පියවර මම ඉදිරියට ඇවිත් මේ ජයග්‍රහණය මට ලබා ගන්න පුළුවන් වුණා‍. මම ඉදිරියේ දී මීට වඩා හොඳ කාලයක් වාර්තා කරලා මේ දක්ෂතාව ආසියානු වාර්තාවක් දක්වා වර්ධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම එදා තරඟය ගැන කොහොමද දැනුණේ?

එදා තරඟය ආරම්භ කරද්දි මම හිටියේ කාලය අනුව හයවෙනි ස්ථානයේ. ඉතින් මම තේරුම් අරගෙන හිටියා මේ තරඟයෙන් පළවෙනි ස්ථාන තුන අතරට එන්න මට ලොකු කැපකිරීමක් සහ මහන්සියක් වෙන්න වෙනවා කියලා. මොකද ඉතාලියෙන් පිටතදී මම මීටර් 100 ඉසව්වට සහභාගි වුණේ පළවෙනි වතාවට. ඇත්තටම ඒක මට ලොකු අභියෝගයක් වුණා. ඒත් ඒ වෙද්දි තිබුණු දකුණු ආසියානු වාර්තාවට වඩා තත්ත්පර 0.001ක කාලයක් වාර්තා කරමින් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට මට පුළුවන් වුණා. ඇත්තටම ලොකු සතුටක්. ශ්‍රී ලංකාවේ නාමය ඒ විදිහට ලෝකය ඉදිරියේ කියවමින් අපේ රටේ ජාතික ගීය වෙනත් රටක දී මම වෙනුවෙන් ගායනා කරවන්න හැකිවීම ඇත්තටම ආඩම්බරයක්.

මේ ජයග්‍රහණය පිටුපස තිබෙන ශක්තිය කවුද?

විශේෂයෙන්ම මගේ පවුලේ උදවිය වගේම යුද්ධ හමුදාව අමතක කරන්න බැහැ. ඒ වගේම මගේ පුහුණුකරුවන් සිහිපත් කළ යුතුමයි. ඒ වගේම මාව හමුදාවට බඳවා ගත්තු මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාත් විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි මම නියෝජනය කරන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු අධිපතිතුමා ඇතුළු සියලුමදෙනා නිරන්තරයෙන් මගේ ජයග්‍රහණ අගය කරමින් මාව දිරිගන්නවනවා. ඒක මට දැවැන්තම ශක්තියක්. ව්ශේෂයෙන්ම හමුදාධිපතිතුමා මට කතා කරලා සුබ පැතීම සම්බන්ධයෙන් මම සෑහෙන්න ආඩම්බර වෙනවා. ඒවගේම මට විශාල ආශිර්වාදයක් ලෙසත් මම ඒක සලකනවා.

දැන් හතර අතින්ම සුබ පැතුම් ගලාගෙන එනවා. කවුද ඒ සුබපැතුම් ගෙනාපු අය අතර ඉන්න විශේෂ පුද්ගලයෝ?

මට ජීවිතේ පළවෙනි වතාවට ක්‍රීඩා ඇමතිතුමා කතා කරලා සුබ පැතුවා. ඒ වගේම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් මට සුබ පැතුවා. රෙජිමේන්තුවෙන් කතා කළා. තවමත් විවිධ පාර්ශව සුබ පතනවා. සමහර අය එක්ක මට කතා කරන්න බැරිවුණා. ෆේස්බුක් එකෙන් විශෘල පිරිසක් සුබ පැතුවා. ඒ හැමෝටම ස්තූතිය පුද කරනවා මම.

ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

මගේ අනාගත බලාපොරොත්තුව 2021 ඔලිම්පික් තරඟාවලියේ දී මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම. ඒ වගේම මගේ වාර්තාව අලුත් කරන්න ඕන ඉක්මනින්ම. කොහොමත් ආසියානු වාර්තාව මගේ නමට ලියාගන්න එක ලොකූ හීනයක්. ඒ වෙනුවෙන් අවශ්‍යය සියලුම කැපකිරීම් සහ පුහුණුවීම් මම කරනවා.

ඔබ දකුණු ආසියානු රන්පදක්කම දිනූ අවස්ථාවේ යුද්ධ හමුදාධිපතිතුමාව මුණගැසුණා. ඒ වෙලාවේ එතුමා ඔබට කී දේ මතකද?

ඔව් හමුදාපතිතුමා මට සුබ පැතුවා. එතුමා මට කිව්වා පුහුණුවීම් හොඳින් කරලා ජයග්‍රහණ තවත් ගෙනැත් හමුදාව සහ රටේ නම බබලවන්න කියලා.

ක්‍රීඩාවෙන් සමුගත් දවසට කරන්නේ මොනාද?

ඇත්තටම මම අද මෙතන ඉන්නේ යුද්ධ හමුදාව නිසා. මම ඒ වෙනුවෙන් කළගුණ සැලකීමක් කළ යුතුයි. දැනට මේ ජයග්‍රහණ ලබා ගැනීමෙන් හමුදාවට කීර්තියක් ගෙනැත් දෙනවා වගේම ඉදිරියටත් මගේ උපරිමයෙන්ම මට කරන්න පුළුවන් දේ හමුදාව වෙනුවෙන් කරනවා. මොකද හමුදාවට මම නොබැඳෙන්න මේ වගේ ජයග්‍රහණ මට ලබාගන්න එක හිනයක්ම වෙන්න තිබුණා.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

අවුරුදු 35කට නොදුටු බරපතළ අර්බූදයක් ඉරාන් පෙන්වයි

Next Post

අලුත් ව්‍යවස්ථාවකට ගෝඨාට මහ සඟරුවනේ ආශිර්වාදය

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.