• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්ද අන්තිමේදී ජනතාවට සහන දෙනවා! රනිල් මහනුවරදී නාහිමිවරුන්ට කියයි! VIDEO

February 20, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුද්ද අන්තිමේදී ජනතාවට සහන දෙනවා! රනිල් මහනුවරදී නාහිමිවරුන්ට කියයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමටත්, එය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත්කිරීමටත් කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මල්වතු පාර්ශ්වය සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (19) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවට කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව නියත වශයෙන්ම ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ කළ ඇරයුම ද ජනාධිපතිවරයා පිළිගත්තේය.

බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ විහාරස්ථානවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒවාට ලබාදිය හැකි සියලු විසඳුම් ලබාදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි වසර එකහමාර තුළ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර ජනතාවට සහන ලබා දිය හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
2019 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක්ව පැවැති රජයේ බදු ආදායම සියයට 9 දක්වා අඩුවී තිබුණා . ඒ නිසා මේ රටේ ආර්ථිකය අයහපත් තත්ත්වයකයි පැවතුනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දන්වා සිටියේ ඔබලාගේ ආදායම අහිමිකරගෙන තිබෙන බවයි. වෙනත් රටවල් ඔවුන්ගේ ජනතාවගෙන් උපයාගත් බදු මුදල් ඔබලාට ලබා දෙන්න නම් ඔබලාගේ රටේ ආදායම් වැඩි කර ගන්න කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දන්වා සිටියා.

මම ජනාධිපති ධුරය භාරගන්නා අවස්ථාවේදී රටේ උද්ධමනය වැඩි වී රුපියල කඩා වැටිලයි තිබුණේ. නමුත් අපි පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර යම් විසඳුමකට පැමිණිමට කටයුතු කළා. ඒ නිසා එදා ජනතාවට තිබුණු අසීරුකම් බොහොමයක් අද මගහැරී ගොස් තිබෙනවා.
මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ දී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම මම ඒ සඳහා මැදිහත්වීමක් ද සිදු කළා.
අවාසනාවට මැයි නව වෙනිදා සිදුවූ දෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා බිඳ වැටුණා. ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයට අගමැතිකම භාර ගන්න කියලා ආරාධනා කළා. ඒ වගේම විපක්ෂයේ අනිත් අයටත් එන්න කිව්වා.
දේශපාලන ස්ථාවරභාවයක් ඇති කර ගනිමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැඳවූ සාකච්ඡාවලට පවා සහභාගී වුනේ එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් විතරයි. අනිත් අය මේ සාකච්ඡා වලට සහභාගී නොවුනේ සහ අගමැති ධූරය භාර නොගත්තේ රට මුහුණ දී තිබූ අසීරු තත්ත්වය දැන සිටි නිසයි.
නමුත් අවසන් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මගෙන් කළ ඉල්ලීම ජනතාවගේ දෝෂාරෝපණය මධ්‍යයේ වුවත් මම භාර ගත්තේ මෙරට ආර්ථිකය නඟා සිටුවිය හැකි බවට දැඩි විශ්වාසයක් මා තුළ තිබු නිසයි.
ඒ අනුව ඉදිරි වසර එකහමාර ඇතුළත රටේ ආර්ථිකය ශක්තිමත් මට්ටමකට ඔසවා තැබීමට මම කටයුතු කරනවා. ඉන් පසුව අපි දේශපාලනය කරමු. එහෙත් රට ගොඩනඟන මෙම වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අවශ්‍යයි. මේ වසරේ මැයි, ජුනි, ජූලි මාස වන විට ජනතාවට සහන සැලසිය හැකි ආර්ථිකයක් සකස් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. මෙම කාලය අසීරු වුවත් මේ කාලය තුළ සියලුදෙනාගෙන් ලැබෙන සහයෝගය මත ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා සාගල රත්නායක මහතා ,
අපට බැලූ බැල්මට පෙනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ බදු ප්‍රතිපත්තියක් අපි බලෙන් ක්‍රියාත්මක කරන්න හදනවා කියායි. නමුත් ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නෙ අවශ්‍ය වෙලාවට සිදු නොකළ රාජ්‍ය ආදායම් මාර්ග ඇහිරී යාම නැවත සකස් කිරීමක්.
මෙය එක් වර ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි ජනතාවට අද පීඩාවට පත් වීමට සිදුව තිබෙන්නේ. මීට පෙර පැවති රජයන් මෙම නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කළා නම් අද මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වන්නේ නෑ.
ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවේ දැවැන්ත ආර්ථික සංවර්ධනයකට මුල පුරන වැඩපිළිවෙළක්. එම වැඩපිළිවෙළ නිසි අයුරින් ඉදිරියට ගෙන ගියහොත් රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම අසීරු කාර්යයක් නොවේ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද, මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල යන ස්වාමීන් වහන්සේලා ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරු සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-02-19

SendShareShare
Previous Post

රුසියා-යුක්‍රේන යුද්ධයට අවුරුද්දක් පිරෙන දිනයේ බයිඩන් සෙලෙන්ස්කිට හයිය දෙන්න යුක්‍රේන අගනුවරට ගොඩබහී! පුටින්ට යකා නැගලා!

Next Post

කඳුලු ගෑස් ජල ප්‍රහාර නොතකා සජිත් විරෝධතාවට එක්වෙයි! අපි බය නෑ! දිගටම සටන් කරනවා! මේ සටන අපි කෙළවර කරන්නේ ජයග්‍රහණයෙන්! VIDEO

MORE NEWS

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.