අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, නෙළුව ප්‍රදේශයේ පිහිටි සිය මිත්තනියගේ නිවසට පැමිණි වයස අවුරුදු දෙකහමාරක දරුවකු අතුරුදහන් වි ඇති බව නෙළුව පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවා බවයි පොලිසිය පැවසුවේ.
මෙම දරුවා තම දෙමව්පියන් සමග අලුත්ගම, දර්ගානගරයේ සිට අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇත. දරුවා සිය බිරිදගේ නිවසේ සිටියදි අතුරුදහන් වි ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත.
පසුව පොලිසිය සහ ගම්වාසින් එක්ව දරුවා සිටි නිවස ඉදිරිපිටින් ගලා යන රංකැට ඇළට දරුවා වැටි සිටිදැයි කියා සොයා ඇති අතර මෙම දරුවා නෙළුව කිනියාවල මාර්ගයේ ගමන් කරමින් සිටි බව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සදහන් කොට ඇත.
පොලිසිය පවසන්නේ අතුරුදහන් වු දරුවා පිළිබද කිසිදු තොරතුරක් ලැබි නොමැති බවයි.










