ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර සැමරුම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (02) පැවැත්වුණු අතර එහිදී පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ නව ව්‍යවස්ථා සංශෝධන යෝජනා සභාවට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර,
“පක්ෂ සභාපතිගේ අභිමතය පරිදි ව්‍යවස්ථාවේ දැක්වෙන තනතුරු සඳහා නිලධාරීන් ඉවත්කිරීමේ බලය සභාපතිට පවතී.”
“පක්ෂ ව්‍යවස්ථාවේ අන් කවර තැනක කුමක් සඳහන් වුණත් සාමාජිකයෙක්, මන්ත්‍රීවරයෙක් ව්‍යවස්ථාවට පටහැනි වුණොත්, වෙනත් පක්ෂයකට සහාය දුන්නොත්, පක්ෂ නායකයාගේ උපදෙස් පිළිනොගතහොත්, විනය විරෝධී ක්‍රියාවක් කරන බවට සභාපතිට දැනුනොත්, පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට හෝ නෙරපීමට දේශපාලන මණ්ඩලයට බලය තියෙනවා.” යනුවෙන් කළ යෝජනාව ඒකමතිකව සම්මත වී තිබිණ.
කෙසේවෙතත් අද පැවැති අයවැැය ජන්ද විමසීමේදී පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකු පක්ෂ මතයට පිටින් යමින් ඊට පක්ෂව ජන්දය ලබා දීමට පියවර ගෙන තිබිණ.
ඒ, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්ප කුමාර සහ චාමර සම්පත් දසනායකය.
ඒ අනුව බොහෝ දෙනා බලා සිටින්නේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පස් දෙනාට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න සම්බන්ධයෙනි.










