යෝජිත ත්‍රස්ත විරෝධී පනත, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානක පනතක් වන බවත්, යෝජිත පනත සම්මත වුවහොත් මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වන බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ගොඩ නැඟී ආ මහජන මතය විනාස කිරීමට ආණ්ඩුව ගන්නා තවත් උපක්‍රමයක් බවත්, යෝජිත පනත සම්මත වුවහොත් එය ජාත්‍යන්තර වශයෙන් ද අවාසි වන බවත්ය.
මෙම පනත මගින් නීතිපතිවරයාට විශේෂිත බලයක් ආරෝපණය වන බව කී පීරිස් මහතා යෝජිත පනත මගින් ජනාධිපතිවරයාට කිසිදු බලපෑමකින් තොරව යම් සංවිධානයක් තහනම් කිරීමට හෝ සීමා කිරීමට බලය ලැබෙන බවත්, කිසිදු ජන මතයක් නොමැති මෙම ආණ්ඩුවට මෙවැනි පනතක් ගෙන ඒමට කිසිදු සුජාතභාවයක් නැති බවත් පෙන්වා දුන්නේය.










