අභියාචනා සිරකරුවන්ගේ නඩු ඇසීම සදහා අභියාචනා අධිකරණ 04ක් ඉතා කඩිනමින් ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කොට ඇත.
අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි මහතා හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.
මීට අමතරව 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීම, 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩන සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරණීය දණ්ඩනය ලිහිල් කර ජිවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කිරීමටත් තීන්දු කොට ඇත.
බන්ධනාගාර තදබදය අවම කිරීම හා සිරකරුවන් විධිමත් පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමට පවතින බන්ධනාගාර පද්ධතිය යාවත්කාලීන විය යුතු බැවින් කොළඹ බන්ධනාගාර පරිශ්‍රය විතැන් කර හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත බන්ධනාගාර පද්ධතිය ඉදිකිරීම් කඩිනම් කිරීම හා එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් සංචාරය කිරීමටද තීන්දු වී ඇත.
අධිකරණ අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) පියුමන්ති පීරිස් මිය, බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (විශේෂ ව්‍යාපෘති) එච්.එම්.එන්.සී.ධනසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් පාලන, පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මෙම සාකච්ජාවට එක්ව සිටියහ.