කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබියදී, හන්ටා නමැති වයිරසයක් ආසාදනය වීමෙන් චීනයේ යුනාන් පළාතේ පුද්ගලයෙකු මියගොස් තිබේ.
බස් රථයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මෙම මරණ සිදුවී ඇති අතර මේ හේතුවෙන් බස් රථයේ සිටි අනෙකුත් පුද්ගලයින් තිස්දෙදෙනා ද පරීක්ෂා කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වේ. ඒ අනුව මීයන්ගෙන් මෙම වයිරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙහි පැතිරයාමක් සිදු නොවේ.
හිසේ කැක්කුම, මස්පිඬු වේදනාව, උදරය ආශ්රිත ආබාධ, කැරකැවිල්ල, වමනය යාම සහ උණ මෙහි රෝග ලක්ෂණ වෙයි.
හන්ටා වයිරසය ආසාදනය වීම සාමාන්‍යයෙන් සිදුවන්නේ වනාන්තර, කුඹුරු සහ ගොවිපළ වැනි ගම්බද ප්‍රදේශ ආශ්‍රිතවය.











