‘අපේ ජනතාව නිරන්තරයෙන් පීඩා විදින වල් අලි ගැටලුව ගැන විෂය බාර ඇමතිවරයාට පැවැසූ විට එයා මට කියනවා ජනතාව ඉස්සරහා විරයෙක් වෙන්න එපා කියලා. ඇත්තටම මම කනගාටු වෙනවා ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිළිබදව… ‘ යැයි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.
‘අපි ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ මනාපයට දෙන වටිනාකම මොකක්ද? ආණමඩුව ආසනය තුළ වල් අලි මිනිස් ජීවිත වනසන එක ඉහළ ගිහින්. ඒ බව විෂය බාර ඇමැතිට දැනුම් දිම කළාම ඔහු මට කියනවා ජනතාව ඉස්සරහා විරයෙක් වෙන්න එපා කියලා . මට හරිම කනගාටුවක් ඇති වුණා මේ තරම් බරපතල ගැටලුවක් තේරුම් ගන්න බැරි ඇමතිවරු අපේ කැබිනට් එක තුළ ඉන්න එක ගැන .අපි පත්වුණේ ජනතාව නිසා නම් ජනතාවගේ බදු මුදලින් අපිව රකිනවා නම් ඇයි අපි ජනතාවට සේවය කරන්න බැරි…’ යැයි අමාත්‍යවරයා කීය.
ලක්ෂ 350ක වියදමින් මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයේ 16 වැව් වාන හරහා ඉදිවුන පාලම විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.










